Part 1

625 58 47
                                    

■ කැප්ටන්..අද අත්අඩංගුවට ගත්ත යුදෙව්වොයි රැසියානුවොයි කදවුරකට ගිහින් දැම්මා...චාන්ස්ලර්තුමා කිව්වා අද ඉදන් සිරභාරයට ගන්න අය ගැන කැප්ටන් කිම් බලාගනී කියලා...

හමුදා නිල අැදුමක් අැදගත් සිහින් සිරැරක් සහිත තරැණයෙක් ලී දොරක් ඉදිරිපිට සිටගෙන ඔහුට ඉහලින් ලැබුනු අණ දැනුම්දෙමින් සිටියා.මද වේලාවකින් දොරටුව විවෘත වුනු අතර විවෘත වූ දොරෙන් එලියට පැමිණියේ කඩවසම් රැවක් සහිත තරැණයෙකි.

□ මං කදවුරට යන්නම්..ඔයාට යන්න පුලුවන්.

ඔහුගේ ගැඹුරැ කටහඩෙහි රෑපයටම සරිලන ගාම්භීරත්වයක් ගැබ්ව තිබුනි.ඉහළ නිලතල සහිත ඔහු හමුදා නිළ අැදුමට කඩවසම්ව පෙනුනත් ඔහුගේ කොණ්ඩා මෝස්තරය නම් කිසිසේත්ම හමුදා නිල අැදුමට නොගැලපෙන අාකාරයට සකස් කර තිබුනා.අැතැම් විට ඔහු ඉහල නිලතල සහිත නිලධාරියෙක් වූ නිසත් අැඩොල්ෆ් හිට්ලර් ගේ විශ්වාසවන්ත නිලාධාරියෙක් වූ නිසාත් කවුරැවත් ඔහුගේ කටයුතු වලට අැගිලි ගැසීමට මැලිකමක් දැක්වූවා විය හැකියි.කෙසේ නමුත් හිස් වැසුමට යටින් එකට එකතු කර ගැට ගසා තිබූ තඹ පැහැ කොණ්ඩය ඔහුගේ සුවිශේශී බව කැපී පෙන්වන තවත් ලක්ෂණයක් විය.

එසේම එ් කඩවසම් දක්ෂ සටන්කරැවා වෙනකෙක් නොව අැඩොල්ෆ් හිට්ලර් ගේ ලගම සහයකයා වූ කපිතාන් කිම් වුඩ්රෝ ටේහියුන්ග් විය.

තම නිල අැදුම සකසාගෙන කදවුර දෙසට යමින් සිටි කපිතාන්වරයා කදවුරට මද දුරක් තිබියදී කදවුර තුලට නොගොස් කල්පනා කරන්නට විය.

කුඩා කල සිටම තමාගේ එකම අාසාව වූයේ හමුදා නිල අැදුමක් අදින සොල්දාදුවෙක් වී අසරණ ජනතාවට පිහිට වීම වුවත් දේශපාලන පිල් බෙදීම් නිසා රටවල් අතර නොසිතූ ලෙස අැතිවූ පලමු ලෝක මහා සංග්‍රාමය නිසා අද වන විට තත්වය සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලී අැති බව සිතන විට ඔහුට එය මහා හිසරදයක් මෙන් හැගෙන්නට විය.ජනතාවට සේවය කිරීමේ අරමුණින් හමුදාවට බැදුනු ඔහු අද වනවිට මිනිසුන් දහස් ගාණනක් මරා දමා අැති නාකයන්ගේ අණ පිළිපදින පහත් බලලෙක් තරමට වැටී අැත බව සිතන විට ඔහුට ඔහු ගැන මෙන්ම රට පාලනය කරනා තිරිසනෙකුටත් අන්ත හිට්ලර් ගැනද පිළිකුලක් මිශ්‍ර දරාගත් නොහැකි කෝපයක් දැනෙන්නට විය.කෙසේ නමුත් තමා කෙතරම් කෝප ගත්තද වෙනස් වන යමක් නැති නිසා ඔහු නැවතත් යුදෙව්වන් සිරකොට තබා අැති කදවුර දෙසට අැවිදන් යන්නට විය. ඔවුන්ට අත්වන්නෙත් පෙරදී හසුවුනු යුදෙව්වන්ට අත්වූ ඉරණමම බව සක්සුදක් සේ දැන සිටි කපිතාන් ටේහියුන්ග් කදවුර තුලට පිවිසෙද්දීම තම තුවක්කුව තුලට උණ්ඩ අැතුලු කරගන්නට වූයේ සිරකොට අැති යුදෙව්වන් මරණයේ සෙවණැලි අතර සිර කිරීම ඔහුගේ නව රාජකාරිය වී තිබුනු නිසාය.

1932 Love story (ongoing)Where stories live. Discover now