Part 2

300 53 33
                                    

ජියොන් ජන්ග්කුක්...
මිනිස්සුන්ව සතුටු කරපු අහිංසක වේදිකා නාට්‍ය ශිල්පියෙක්.දම්පාට දිලිසෙන කොණඩේ,පුයර තවරපු මූණත් පාට තවරපු තොල් දෙකත් තමයි එයාට හම්බකරගන්න තිබිලා තියන එකම වස්තුව.එ්ත් එකපාරට අැඩොල්ෆ් හිට්ලර් ජර්මන් චාන්ස්ලර්වරයා විදිහට පත්වෙලා කරපු වෙනස්කම් නිසා ජන්ග්කුක්ටත් අනිත් අයට වගේම එයාගේ රස්සාව නැති වුනා.අනතිමට එයත් නැවතුනේ හිට්ලර්ගේ වධකාලාර කදවුරක.

Sweet boy...මේක කන්න..
ජන්ග්කුක් මුලදි පැකිලීමක් දැක්වූවත් කපිතාන් ටේහියුන්ග් හොද කෙනෙක් කියලා තේරෙන්න තේරෙන්න එයා කපිතාන් එක්ක විවෘත වුනා.කපිතාන් ටේහියුන්ග්ට ඔිනා වුනෙත් මේ කොල්ලව ජීවත් කරවන්න.හේතුවක් දැනන් හිටියේ නැත්ත මේ සුදුමැලි කොල්ලා ලස්සනට ජීවත් වෙනවා දකින්න කපිතාන් ටේහියුන්ග් ට පුදුම ඔිනෑකමක් තිබුනා.කපිතාන් ටේහියුන්ග් පාන් පෙත්තක් කකා හිටපු ජන්ග්කුක් ගේ සියුමැලි අතක් තම විශාල දෑත් අතරට මැදි කරගද්දි කලින් පාර වගේ ගැස්සෙන්නේ නැතුව ජන්ග්කුක් ලස්සනට හිනාවුනා.එ්ක හරිම ලස්සන අහිංසක හිනාවක්.ටේහියුන්ග්ට මොහොතකට දැනුනේ එ්ක තමයි මේ ලෝකේ තියන ලස්සනම දේ වගේ....

ඔයා ජීවත් වෙන්න කැමතිද ජන්ග්කුක් ?

ඔව් කැප්ටන්.....

මං ඔයාට ජීවත් වෙන්න උදවු කරොත්,ඔයා කැමතිද මගෙන් උදවු ගන්න..

ජන්ග්කුක් තමන්ගේ දෑස් විශාල කර ටේහියුන්ග් දිහා බැලුවා...එ් දෑස් වල පුදුමය සතුට හැම හැගීමක්ම මිශ්‍ර සම්මිශ්‍රණයක් අැදිලා තිබුනා.

අනිවාර්යෙන්ම කැප්ටන්

ජන්ග්කුක් ගේ උත්තර හරිම කෙටි වුනත් එ් කෙටි උත්තර අැතුලේ අසීමිත බලාපොරොත්තු අසීමිත විශ්වාසයක් ඔිනවටත් වඩා දැනටමත් ගොඩනැගිලා තිබුනා.කපිතාන් කිම් වුඩ්රෝ ටේහියුන්ග්ටත් එ්ක හොදින්ම දැනුනා.
ජන්ග්කුක්,ඔයා දන්නවා මේ වැඩේ බරපතලකම..ඔයා දිගටම මෙහෙ ඉන්න කැමතිද ?

ජන්ග්කුක් හිස සලමින්ම ටේහියුන්ග් දිහා බැලුවා. කට කොණින් හිනාවුනු ටේහියුන්ග් ජන්ග්කුක් ඔලුවත් අතගාමින්ම නැගිටලා තම පොත් රාක්කය ලගට ගියා. පොත් රාක්කේ ලගම තිබුනු මේසෙන් සිගරට් එකක් අතට ගත්ත ටේහියුන්ග් එ්ක තමන්ගේ තොල් අතර රදව ගන්න ගමන්ම පොත් රාක්කේ තිබ්බ ලොකුම පොත ජන්ග්කුක් ගේ ඉස්සරහින් තිබ්බා.

1932 Love story (ongoing)Where stories live. Discover now