Part 11

165 30 2
                                    

පැයකට පමණ පසු ඔවුන් දෙදෙනා සෙබලුන්ගේ පරීක්ශාවට ලක් වෙමින් සිටියහ. ජන්ග්කුක් හදුනාගත් නොහැකි තරම් වෙනස්ව සිටි අතර ඔහු ගේ කාන්තා පෙනුම අවට සිටින පිරිමින්ගේ අාකර්ශනය දිනා ගැනීමට සමත්ව තිබුණි. ටේහියුන්ග් ද ඔහුගේ පෙනුම මදක් වෙනස් කර තිබූ අතර , ඔහුගේ කඩවසම් මුහුණේ අලවා තිබූ උඩුරැවුල ඔහු නිතරම අතගාමින් අවට සිටිනවුන්ට තම මැදි වයස් පෙනුම ඔප් නංවා පෙන්වීමට උත්සාහ කරාය.

නමුත් අවාසනාවකට මෙන් ඔවුන් ගේ පරීක්ශාව සිදුවන විටම සුපුරැදු කටහඩක් අැසෙන්නට වූ අතර එ් හඩ පාර්ක් ජිමින් ගේ බව හදුනා ගැනීමට ජන්ග්කුක් හට වැඩි වෙලාවක් ගත නොවීය. මින් පෙරදී සිදුවූ බලහත්කාරකම මතක් වූ ජන්ග්කුක් ටේහියුන්ගේ දෑත සමගින් තම දෑත පටලවා ගන්නට වූ අතර ජන්ග්කුක් ගේ වෙනස වටහාගත් ටේහියුන්ග් තම දෑත ඔහුගේ ඉණවටා යවමින් ඔහුව තවත් ලං කරගන්නට විය. සැබැවින්ම ඔවුන් දෙදෙනා විවාහක යුවලක් ලෙස දිස්වූ අතර ඉදිරියට පැමිණි සෙබලෙක් ඔවුන්ගේ ගමන් බලපත්‍ර පරීක්ශා කරන්නට විය.

හොදට සෝදිසි කරන්න. උන් දෙන්නට පැනලා යන්න එහෙම දෙන්න එපා. තමුන්ලා දන්නවනේ චාන්ස්ලර්තුමාට උන් දෙන්නව හමුබුනේ නැත්නම් තමුසෙලා ගෙ පිටින් යයි එ් තරහා....

ජිමින් සෙබලුන්ට කෑගසමින් ජන්ග්කුක් හා ටේහියුන්ග් සිටි දිශාවට නැවතත් පැමිණෙන්නට වූ අතර ජන්ග්කුක් අසලට පැමිණි ඔහු ටේහියුන්ග් දෙස නොබලාම ජන්ග්කුක් හට අාචාර කරන්නට විය.

එසේම ජන්ග්කුක් ගේ හදවත බියෙන් ගැහෙන්නට වූ අතර ජිමින් විසින් ජන්ග්කුක් හා දීර්ඝ කතා බහකට මුල පිරීමට සැරෙසන අාකාරය ටේහියුන්ග් විසින් සියුම්ව නිරීක්ෂණය කරන්නට විය.

මේ වගේ ලස්සන කාන්තාවක් මුලු ජර්මනිය පීරලාම හොයාගන්නවත් නැති වෙයි...එහෙම නේද ?

ටේහියුන්ග් ව පරීක්ශා කරමින් සිටි සෙබලා ජිමින් හා එකග වන්නට වූ අතර මදක් බලා සිටි ජිමින් නැවතත් කතා කරන්නට විය.

එ්ත් අැයි මට හිතෙන්නේ අපි කලින් මුණගැහිලා තියනවා වගේ...ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද..

1932 Love story (ongoing)Where stories live. Discover now