Part 8

157 33 17
                                    

කදවුරෙන් පැන ගිය ටේහියුන්ග් හා ජන්ග්කුක් නගරය වෙත පිය නගන්නට විය.නමුත් එදින නත්තල් දිනය වූ නිසා නගරය ඉතා කලබලකාරී වූ අතර ජන්ග්කුක් ගේ අත තදින් අල්ලාගත් ටේහියුන්ග් සෙනග අතරින්ම ඉදිරියට අැදී පල්ලිය වෙත ගමන් කරන්නට විය.ඔවුන් පල්ලිය තුලට පිවිසෙද්දී දේව මෙහෙයන් අවසන්ව තිබූ අතර වංශවත් පවුල් වල පිරිස මෙන්ම මධ්‍යම පාන්තික පිරිසද එකට එක්ව නත්තල සමරමින් ප්‍රීතිවෙමින් සිටියහ. එ් අතරට ජන්ග්කුක් සමගම එක්වූ ටේහියන්ග් තම කතිකත්වය ප්‍රයෝජනයට ගෙන ඔවුන් සමග සමීප වූ අතර..එම සමීපතාවය කෙතරම් වර්ධනය වීද යත් පිරිස අතර සිටි නාවික කපිතාන්වරයෙකු හරහා ඔවුන් දෙදෙනාට යුරෝපයට පිටත් වීම සදහා ටේහියුන්ග් අවස්ථාවක්ද උදා කරගත්තාය.අවසානයේ නත්තල හොදින් සමරා විනෝද වූ ටේහියුන්ග් හා ජන්ග්කුක් පිරිස අතරින් සමුගෙන පල්ලියෙන් පිටතට පැමිණෙන්නට විය.

සුභ නත්තලක් ජන්ග්කුක්...

ඔයාටත් සුබ නත්තලක් ටේහියුන්ග්

ජන්ග්කුක් එකවරම ඉස්සී ටේහියුන්ගේ කම්මුලක් මත හාදුවක් තැවරෑ අතර නොසිතූ මොහොතක සිදුවූ දෙයක් නිසා ටේහියුන්ග් මදක් තිගැස්සුනු අයුරැ ජන්ග්කුක්ටද දැකගත හැකි විය.නමුත් එ් පිලිබදව ගණන් නොගත් ජන්ග්කුක් ටේහියුන්ග් ව රැගෙන තම පැරණි නවාතැනට පැමිණි අතර එය කුඩා නමුත් හුරැබුහුටි නිවසක් විය.

මේක තමයි මගෙ ගෙදර...

ජන්ග්කුක් දොර අසල තිබූ මල් බදුන යට අතගාමින් යමක් සොයන අතරේදි ටේහියුන්ග් නිහඩවම බලා සිටින්නට වූ අතර , මද වේලාවකින් මල් බදුන යටින් යතුරක් සොයා ගත් ජන්ග්කුක් දොර විවෘත කර නිවස තුලට පිවිසෙන්නට විය.

අැතුලට එන්න ටේහියුන්ග්..මගේ කුඩා නිවසට ඔබව සාදරයෙන් පිලිගන්නවා.

ජන්ග්කුක් සිනහවකින් මුව සරසාගෙනම ටේහියුන්ග්ට නිවස තුලට අාරාධනා කල අතර නිවස තුලට පිවිසි ටේහියුන්ග් වටපිට බලමින් නිවස තුල අැවිදින්නට විය.

1932 Love story (ongoing)Where stories live. Discover now