Part 7

169 36 6
                                    

මධ්යම රාත්‍රියේ සිර මැදිරිය තුල එවැනි සිදුවීමක් සිදු වෙද්දී ඊට නොදෙවෙනි ලෙස දැවැන්ත රණ්ඩුවක් හෝසොක් ගේ කාර්යාලය තුල ද සිදුවන්නට විය.

තමුසේ අැයි එහෙම කලේ...මං මෙච්චර අවුරැදු ගාණක් තමුසේ මගේ හොදම යාලුවා විදිහට හිතුවා.....අැයි.....අැයි එහෙම කලේ කියනවා...

හෝසෝක් ගේ මුහුණ රතුවී දොතොල් පැලී තිබුණු අතර ටේහියුන්ග් විසින් ඔහුගේ මුහුණට නැවතත් පහරක් එල්ල කලාය.

මට බොගම් හැමදේම කිව්වා.ජිමින්ට තමුසේ තමයි ජන්ග්කුක් ඉන්න තැන කිව්වේ.තමුසේ මේ වගේ පාහර වැඩක් කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ හෝසෝක්...අැයි..අැයි එහෙම කලේ.....?

මෙතරම් වෙලා හෝසොක් මතිනුත් ඔහුගේ කාර්යාලයේ තිබූ භාණ්ඩ මතිනුත් තම කේන්තිය අාවේගය දුක පිටකල ටේහියුන්ග් එකවරම පොළොව මත අැද වැටී කුඩා දරැවෙක් මෙන් හඩන්නට විය. එසේම ටේහියුන්ග් ගේ කදුලු දුටු හෝසොක් ගේ සිතද කැඩී බිදී විසිරී ගොස් රිදුම් දෙන්නට විය.මුවින් හඩ නොනැගුවද කදුලු පිරි දෙනෙතින්ම ටේහියුන්ග් අසල දණගැසූ හෝසොක් ටේහියුන්ග්ව අල්ලන්නට සූදානම් වන විට ටේහියුන්ග් විසින් හෝසොක්ව තල්ලු කර දැමුවාය.

ල්ලන්න එපා මාව..බොරැකාරයා..වංචාකාරයා..මට තමුන්ව අප්පිරියයි..කොහෙද මගේ ජන්ග්කුක්..කියනවා..මට..මට..එයාව බලන්න ඔිනේ....

ටේහියුන්ග් පොළොවේ හැපි හැපි වැළපෙන්නට වූ අතර ටේහියුන්ග් අසලට පැමිණි හෝසොක් එකවරම ටේහියුන්ගේ කම්මුල හරහා වැරෙන් පහරක් එල්ල කලාය.

මගේ ජන්ග්කුක් ? ඔයාට මොකද මේ වෙලා තියන්නේ ටේහියුන්ග්...?

එ්ක තමුන්ට වැඩක් නෑ...පැත්තකට වෙලා ඉන්නවා...

මුරණ්ඩු ලෙස පැවසූ ටේහියුන්ග් හෝසොක්ව තල්ලු කරමින් ඔහුගේ කාර්යාලයෙන් පිටව යාමට සැරසෙද්දි ටේහියුන්ග් ගේ අතින් අැදගත් හෝසොක් ඔහුව දොරත් බිත්තියත් අතරට තබා සිර කරගන්නට විය.

1932 Love story (ongoing)Where stories live. Discover now