Part 5

209 40 0
                                    

පොත සම්පූර්ණයෙන්ම කියවා අවසන් කල ජන්ග්කුක් එය නැවතත් නිසි තැනම තබා ගේ පුරාම අැවිදින්නට විය.අවසානයේ ටේහියුන්ග් ගේ අැද මත නතර වූ ජන්ග්කුක් අදේ එහෙ මෙහෙ පෙරලෙමින්ම කල්පනා කරන්නට විය.

එ්..එ් කියන්නේ මං ටේහියුන්ග් ට අාදරෙයිද ? එ්ත් කොහොමද එහෙම වෙන්නේ ? එයා මේ ගැන දැනගත්තොත් මාව එලවයිද ? නෑ මගේ ටේහියුන්ග් එ් වගේ නරක කෙනෙක් නෙවෙයි....අහ්..මගේ..තාම එයා මගේ වුනෙත් නෑ..අයියෝ පිිස්සුද ජන්ග්කුක් ඔයාට මේ මොනා වෙලාද..

ජන්ග්කුක් තනිවම තම හැගීම් සමග කතිකා කරමින් ලැජ්ජාවෙන් සිනාසෙන්නට විය.

ටේහියුන්ග් අාපහු අාවම මං එයාට මගේ හිතේ තියන දේවල් කියනවා..

අවසානයේ තීරණයකට එලඹි ජන්ග්කුක් කල්පනා ලොවෙන් මිදී සාලයට අාවාය.නමුත් තමාගේ හැගීම් පිලිබද කුතුහලයක් තවමත් ඔහුගේ සිතේ පැවතුණි.සෝෆාව මත වාඩිවූ ජන්ග්කුක් කොට්ටයකින් මුහුණ වසාගෙනම ටේහියුන්ග් හමුවූ මුල් දින සිට මේ දක්වා ගෙවුණු සෑම තත්පරයක් පිලිබදවම නැවත නැවතත් සිතන්නට විය.අවසානයේ දිනෙන් දින ටේහියුන්ග් ගේ මතකවලින් තම අාදරය පෝෂණය කරගත් ජන්ග්කුක් නොඉවසිලිවන්ත දින හත ඉක්මනින් ගෙවා දැම්මාය.

දෙසැම්බර් 25 වන දින...
සවස 3 ට පමණ **

දින දෙකකට පෙර ටේහියුන්ග් විසින් හෝසොක්ට එවනු ලැබූ ලිපියේ සදහන්ව තිබුනේ වැඩ කටයුතු සියල්ල අවසන් කර නත්තල් දින රාත්‍රියේ ටේහියුන්ග් නැවතත් කදවුරට පැමිණෙන බවයි.එමනිසා හෝසොක් ගෙන් ලිපිය ලබාගත් ජන්ග්කුක් නත්තල වෙනුවෙන් මෙන්ම තම හැගීම් ටේහියුන්ග් හට ප්‍රකාශ කිරීමටද ගැලපෙන පරිදි ඔවුන්ගේ කුඩා නිවස අලංකරණය කරන්නට විය.සියල්ල සූදානම් කර අවසන් කල ජන්ග්කුක් ටේහියුන්ග් විසින් යාමට පෙර තමාට නත්තල සදහා ගෙනදුන් අලුත්ම අැදුමක් ද හැද බලා සිටින්නට විය.නමුත් ජන්ග්කුක් ගේ නොඉවසිලිවන්ත බව වැඩි කරමින් අවාසනාවන්ත ලෙස එදින කාලය ඉතා සෙමින් ගතවන්නට විය.

***************************

නිවසේ විදුලි පහන් සියල්ල නිවා දැමූ ජන්ග්කුක් ටේහියුන්ග් එනතුරැ බොහෝ වෙලාවක සිට සෝෆාවට වී බලා සිටින්නට විය.නමුත් රාත්‍රිය උදාවී තවමත් ටේහියුන්ග් නොපැමිණීම නිසා ජන්ග්කුක් සෝෆාම මතම නිදි කිරා වැටෙන්නට වූයේ නිවසේ සැරසිලි කටයුතු සදහා උදේ සිටම වෙහෙසවී කටයුතු කල බැවිනි.

කෙමෙන් කෙමෙන් මධ්යම රාත්‍රිය උදාවී මුලු කදවුරැම නිස්කලංකව තිබෙන්නට විය.එහෙත් සෝෆාව මත සිටි ජන්ග්කුක් එකවරම ගැස්සී අැහැරෙන්නට වූයේ කවුරැන් හෝ දොර අසල සිට දෙවරක් තෙවරක්ම දොරට තට්ටු කල නිසාය.ටේහියුන්ග් නොදැක දවස් ගණනක් ගෙවී තිබූ නිසා සිතේ අැතිවූ ප්‍රීතියත් සමගම ඉක්මනින් දොර අසලට දිව ගිය ජන්ග්කුක් එ් වේගයෙන්ම දොර විවර කලාය.

නමුත්.............



































(හී කාලෙකිම් නේත 😂😂😁😁🙈🙈මේක නම් ගොඩක් පොඩී තමා 😐😐 වචන 350...එ්නිසා ඉතිම් අද ඩබල් අප්ඩේට් දෙන්නම් හුදේ ✌✌ වෝට් කරලා කමෙන්ට් කරලා ගියේ නැත්තම් අායි සති තුන හතරක් යනකන් අප්ඩේට් නෑ හුම් 😌😌)

1932 Love story (ongoing)Where stories live. Discover now