Part 6

216 35 4
                                    

නමුත්........,

අවාසනාවන්ත ලෙස ජන්ග්කුක් බලාපොරොත්තුවෙන් සිටි මුහුණ වෙනුවට දොර ඉදිරිපිට සිටගෙන සිටියේ ජන්ග්කුක් මීට පෙර කිසිදාක නොදැක තිබූ කඩවසම් තරැණයෙකි.නමුත් ඔහු ඉහල නිලයක් දරන්නෙක් නොවන බව ඔහුගේ නිල අැදුමෙන්ම ජන්ග්කුක් හදුනා ගත්තාය.එහෙත් ජන්ග්කුක් කිසිවක් පවසන්නට පෙරම ජන්ග්කුක් ගේ කොලරයෙන් අැද එලියට ගත් කඩවසම් සොල්දාදුවා හිතක් පපුවක් නැත්තෙකු මෙන් ජන්ග්කුක්ව බිමට තල්ලු කරාය.

තමුන් මෙච්චර කල් අපිත් එක්ක හැංගිමුත්තන් කලේ කැප්ටන් ගේ ගෙදර ඉදන්ද..?

සමච්චලයට මෙන් සිනාසුනු කඩවසම් සෙබලා එකවරම ජන්ග්කුක් හට පා පහරක් එල්ල කලේ ජන්ග්කුක් කෙදිරිගාමින්ම නැගී සිටින්නට උත්සාහ කරමින් සිටියදීයි.පහර වැදුනු ජන්ග්කුක් කෙදිරිගාමින් පොළොව මත මුනින් අතට වැටී අසරණව බලා සිටින්නට විය. කෙදිනක හෝ මේවාට මුහුණ දිය යුතු බව ජන්ග්කුක් විසින් දැන සිටියත් එම කාලය මෙතරම් ඉක්මනින් පැමිණෙතැයි ඔහු කිසිදිනෙක නොසුතුවායි. විශේෂයෙන්ම ටේහියුන්ග් ඔහු අසල නොමැති අවස්ථාවක....

පාහර යුදෙව්වා....

කඩවසම් සෙබලා කේන්තියෙන් නැවතත් ජන්ග්කුක් හට පහර දීමට සැරසෙද්දී ඔහු පිටුපසින් අැසුණු කටහඩ නිසා ඔහු එම ක්‍රියාව නවත්වා හැරී බැලුවාය.

ඔය වැඩේ නවත්තන්න ජිමින්..

හෝසොක් ගේ කටහඩ අැසුණු ජන්ග්කුක්ට ප්‍රාණවත් බවක් හැගී ගියද, හෝසොක් ගේ මුවින් මීලගට පිටවූ වදන් සමගම ජන්ග්කුක් ගේ අවසාන බලාපොරොත්තුවද බිද වැටෙන්නට විය.

හෙට උදේ වෙන්න කලින් එක්කෝ මේකා මෙහෙන් යන්න ඔිනේ..එහෙමත් නැත්තන් සදහටම මේ ලෝකෙන් යන්න ලෑස්ති වෙන්න ඔිනේ..

ජන්ග්කුක් දෙස අැස් කොණකින්වත් නොබැලූ හෝසොක් ජිමින් හට අණ ලබාදී පිටව යන්නට විය.එසේම පාර්ක් ජිමින්ගේ අත්අඩංගුවට පත්වූ ජන්ග්කුක් අදුරැ කුටියක් මැද බියෙන් තැතිගෙනම තනි වන්නට විය.නමුත් මද වේලාවකින් සිර කුටියේ දොරටුව විවෘත වන හඩක් අැහෙද්දී ජන්ග්කුක් හිස ඔසවා බැලුවාය.දොරටුව අසලම තිබූ ඉටි පහන දල්වාගත් ජිමින් සෙමෙන් සෙමෙන් තම නිල අැදුම් කමිසයේ බොත්තම් ලිහිල් කරමින් ජන්ග්කුක් අසලට පැමිණෙන්නට විය.මුල සිටම ජිමින් ට බියක් දැක්වු ජන්ග්කුක් බිම අැදි අැදිම පසුපසින් පසුපසට ගියත් නොසිතූ මොහොතක ජිමින්ගේ දෑතත් සිරකුටියේ බිත්තියත් අතර ජන්ග්කුක් සිර විය. එසේම ජන්ග්කුක් අසලින් දණ ගසා ගත් ජිමින් අදුර පරයා නැගෙන ඉටි පහන් අාලෝකයෙන් කෑදර ලෙස ජන්ග්කුක් මුලු සිරැර පුරාම දෑස් ගෙනියන්නට විය. ජන්ග්කුක් ගේ සරාගී දෙනෙතත් උණුසුම් ශරීරයත් ජිමින්ගේ සාමාජිකයාව නොසන්සුන් කරද්දි..ජන්ග්කුක් ව මුනින් අතට පෙරලාගත් ජිමින් සාගින්නේ සිටි වෘකයෙකු මෙන් ජන්ග්කුක් ගේ තොල් සපා කන්නටත් ලෙවකන්නටත් පටන් ගත්තාය.රාගී හැගීමකට එහා ගිය එය සැබැවින්ම ජන්ග්කුක්ට සිදුකල බලහත්කාරකමක් වූ අතර සිදුවන දෙය සිතාගත නොහැකි වූ ජන්ග්කුක් ජිමින් ගෙන් ගැලවෙන්නට බොහෝ උත්සාහ කරන්නට විය.

1932 Love story (ongoing)Where stories live. Discover now