Chapter 1

2.4K 191 15
                                    

"ආ මෙන්න ඔයාලගෙ බෝලේ....."

"ආහ්.. මෙන්න සොම්බි ශේරා ඇවිත්...... ඔයා යන්න.. ඔයා යන්න.... එපා එන්න අපි එක්ක සෙල්ලම් කරන්න..."

"අනේ...🥺"

"යන්න... ඔයා වගේ අපිත් සොම්බියක් වෙයි....."

"නෑ...🥺 නෑ..🥺 මං සොම්බියක් නෙවේ... මං සොම්බියක් නෙවේ...🥺😭"

"යනවා යන්න සොම්බි ශේරා....."

ශේරා කියන්නෙ පුංචි ගෑනු ලමයෙක්.. එයාට අවුරුදු අටයි තාම.... ගම්මානෙක ඈත කෙලවර.. පුංචි ගේක ජීවත් වෙන ශේරා ඉන්නෙ එයාගෙ ආච්චිඅම්මා එක්ක... එයා ඉපදෙනකොටම එයාගෙ අම්මා.. තාත්තා.. ඒ වගේම මුලු ගමටම ලොකු වසන්ගතයක් ඇවිත් ගමේ බාගයක්ම මැරිලා ගියා... ගමේ අය හිතන් ඉන්නෙ.. ශේරා ඉපදුන නිසා එහෙම උනා කියලා.. එයාට ශාප වැදිලා කියලයි ගමේ කතා වෙන්නෙ... ඒ නිසා එයාලගෙ ලමයින්ට ශේරා එක්ක සෙල්ලම් කරන එක පවා තහනම් කරලා තියෙන්නෙ... ගමේ ඉන්න පුංචි ලමයගෙ ඉදලා ලොකු වැඩිහිටියා දක්වා ශේරා ගමේ ඉන්නවා දැක්කොත් කරන්නෙ එක්කො එතනින් එයාලා යන එක.. නැත්තම් ශේරව එලවන එක.......

ශේරට කවුරුත් නෑ සෙල්ලම් කරන්න.. ශේරගෙම වයසේ ගෑනු ලමයි පිරිමි ලමයි.... සෙල්ලම් පිට්ටනියට සෙල්ලම් කරනවා.. සෙල්ලම් පිට්ටනිය ඈත කෙලවරේ ලොකු ගහක් යට ඉදගෙන ශේරා බලන් හිටියේ ආසාවෙන්... ඒත් එයාව සෙල්ලමට ගන්නෙ නැති නිසා ශේරා එයාලා එක්ක සෙල්ලමට ගියේ නෑ.... ඈත ඉදන් බලන් හිටියා විතරයි... ශේරා ලගට බෝලේ ආව නිසයි එයා ඒක ගිහින් දුන්නෙ.. ඒකෙන් උනේ ශේරට ඒ ලමයි බැනපු එක... බැනලා ශේරව තල්ලු කරා.... බිමවැටුණු ශේරගෙ අත තුවාල උනා... ඇගේ වැලි ගසලා අඩන්න ගත්තේ එයාගෙ වටේ ඉදන් හිනාවෙන ලමයි දිහා බලලා...

දුකෙන් කදුලු පුරවන් බෑග් එකත් එල්ලගෙන ශේරාගෙ අතේ නිතර තියන පුංචි කහපාට කුඩයත් අරන් ආයේ ආවේ ගහ ලගට.... ශේරා අතේ තියන පුංචි කුඩය ආච්චිඅම්මා තමා ශේරට දුන්නෙ.. එයා යන හැමතැනකම ඒකත් අරන් යන්නෙ..... ගහ යට ඉදගෙන දනිස් දෙකේ ඔලුව ගහන් අඩන ශේරා ඔලුව ඉස්සුවේ එයාගෙ නම කියලා කවුරුන් හෝ කතා කරපු නිසා...... කතා කරේ ගහ උඩ ඉදන්... එතකොටයි දැක්කෙ.. ශේරගෙම වයසේ ගෑණු ලමයෙක් ගහේ පාතම අත්ත උඩ ඉදන් ඉන්නවා....

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Where stories live. Discover now