කේන් ශේරව හම්බෙලා ආයෙමත් එයාගෙ රටට පිටත් වෙලා ගියා... ජන්කුක් ශේරව මේ දවස් ටිකේම හම්බුනෙ නෑ.. ශේරත් ජන්කුක්ව හම්බෙන්න උවමනාවක් උනෙ නෑ... ඒත් අද ශේරා තනියම Jay Night club එකට එන්න පිටත් උනේ ලොකු වැඩකට... දවස් ගානක් තිස්සෙ කරන්න බලන් ඉන්න වැඩකට... night club එකකට එන්න ඕන විදිහක් තියෙනවා.. ඉතින් ශේරත් වෙනදා මේක්අප් ලොකු ලොකු ෆැෂන් කරේ නැති උනාට.. අද Club එකට එන්න ඕන නිසා.. ලස්සන රතුපාට ගවුමක් ඒකටම ගැලපෙන shoes දෙකකුත් දැම්මා.. දැන් හිටියටත් වඩා ගොඩක් කෙල්ල ලස්සනයි
.. ඒ වගේම කෙල්ල දකින ඕනම කෙනෙක් ආයෙ හැරිලා බලන විදිහට කෙල්ල ඉන්නෙ...Club එක ඇතුලට ඇවිත් කෙල්ල ඇස් හතර වටේට යවලා හෙව්වෙ jay gym එකෙ හිටිය girl ව... ඇස් club එක පුරාම නටන සතුටු වෙන අය අතරෙ කෙල්ල දැක්කෙ.. ටේබල් එකක ඉදන් කෑම ගොඩකුත් තියන් කන කෙල්ලෙක්ව... අනිවාරෙන් එයාම තමා.. තාමත් ඇගෙ ඔලුවෙන් ලේ උරා බොන අමුනුෂ්‍යා එදා හිටියටත් වඩා විශාල වෙලා.. වර්ධනය වෙලා..
"Hi...."
"අහ් Hi මෙ ඔයානෙ... කොහොමද ඉතින්..."
"ම්ම්.. මං හොදින් ඉන්නවා.. මට පුලුවන්ද අර tattoo එක ගහන්න..."
"ආ පුලුවන් පුලුවන්.. ඔතනින් ඇතුලට ගියාම තියන Room එකෙ තමා අර මං කියපු ගෑණු කෙනා ඉන්නෙ..."
"ආ.. හරි.. thank you...."
එතනින් නැගිටලා කියපු විදිහටම ඒ ගෑනු කෙනා හොයන් කාමරේට එන්න ආවා.. එනකොට.. කාමරේ.. මැදි වයස් කාන්තාවක් ඉදන් ඉන්නවා දැක්කා.... කෙල්ල දැක්කා විතරයි.. අහක බලාගත්ත කාන්තාව කෙල්ලව මග ඇරලා යන්න හැදුවම වැලමිටෙන් ඇදලා ආයෙම ගන්නකොට කෙලින්ම විසිවෙලා ගිහින් ඇයව බිත්තියක වැදුනා....
කෙල්ල බය උනත් ඕනම දේකට රෙඩි වෙලා ඉන්නේ.. බිම ඇද වැටුන කාන්තාව හෙමින් හෙමින් නැගිටලා කෙල්ල දිහා බැලුවම කෙල්ලට හිතාගන්න පුලුවන් උනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා....... ඇස් දෙක රතු කරගෙන එන්න එන්න ශරීරය පිම්බෙන්න අරන්.. මොහොතින් මොහොත ඇය වෙනස් උනේ ලේ බොන අමුනුෂ්‍යා විදිහට..... එකපාරටම කෙල්ල ලගට එන්න හදනකොටම පස්සෙන් පස්සට ඇවිත් එකපාරටම අත් දෙකින්ම මූණ වහන් හයියෙන් කෑගැහුවෙ එක්කෙනෙකුගෙ නමක් කියලා...................
YOU ARE READING
Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️
Fanfiction"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampires ලා ආශ්රිතව තියන සමහර කෘති films වලින් ගත්ත තොරතුරු උදව් කරන් ලියන්නෙ.. මේක ලියන mimi වන මට ඕන විද...