Chapter 8

685 129 4
                                    

'ගම්ගංගෝ' කියන්නෙ විශේෂ මායා අත්පලදනාවක්... කිසියම් පුද්ගලයෙක්.. මෙම අත්පලදනාව තවත් කෙනෙකුට දැම්මම එම අත්පලදනාව දැම්ම පුද්ගලයගෙ අණට නිකන්ම යටත් වෙනවා.. ඒ කෙනාව හැම කරදරයකදිම බේරගන්නවා.. බේරගන්න ඉදිරිපත් වෙනවා......

අද ශේරා ජන්කුක්ට දුන්නෙත් ඒවගේ විශේෂ පලදනාවක්.. නම්ජුන් මේක ගත්තේ ජන්කුක්ටමයි.. ශේරගෙ මාර්ගයෙන් මේක ජන්කුක්ට දැම්ම නිසා   දැන් ශේරා කියන ඕනම දෙයක් අහන්න ජන්කුක් ලෑස්ති වෙලා ඉන්න ඕනේ.. ඒවගේම නම්ජුන් මේක කරන්නෙ ශේරව ජන්කුක්ගෙන් බේරගන්න වගේම.. නම්ජුන්ටත් එක වැඩක් මේ මාර්ගයෙන් කරගන්න....

ගම්ගංගෝ එක දැම්ම මුල් දවස... පලමු මොහොත නිසා ජන්කුක්ගේ ඇතුලාන්තයම දැන් ශේරා වෙනුවෙන් හිරවෙලා තියෙන්නෙ... වේදනාවෙන් කෑගහන ගමන් ඉන්න ජන්කුක්ගෙත්.. ඒ ලගම ඉන්න ශේරගෙ ඇගටත් පුංචි පුංචි හිම කැට වැටෙන්න ගත්තා..... ශේරා එයාගෙ කුඩෙත් අරන් ජන්කුක්ව ආවරණය කරාම... තරහෙන් වගේම වේදනාවෙන් ශේරා දිහා බැලුවේ..

" මට සමාවෙන්න... මට වෙන කරන්න දෙයක් නෑ.. මට මාව ආරක්ෂා කරගන්න.. මේක කරන්නම උනා..."

"තමුසෙ.. මහ ගොඩක් කපටි... තමුසෙ හිතනවද මේක දැම්මා කියලා බේරෙන්න පුලුවන් කියලා... ගලවනවා මේක.... ආහ්........"

"මං දන්නෑ.. මට බෑ මට ඕක ගලවන්න විදිහක් නෑ... ඒත් මට දැන් තේරෙනවා.. ඔයගෙ අතේ ඕක තිබ්බම ඔයාට මාව කන්න බෑ කියලා..."

"කොච්චර කාලයක් මෙහෙම මාව හිරකරන් ඉන්නද තමුසේ ආහ්... බලගමු.... එහෙනම්...."

ජන්කුක් දැන් දන්නවා.. එයා එයාටම අවනත නෑ..  ශේරව කන්න.. එයාගෙ ලේවලට තිබ්බ ආශාව දැන් ටිකක් අඩු වෙලා.. ටිකක් නෙවේ හොදටම අඩු වෙලා.. ශේරට පුංචි කරදරයක් කරන්නවත් තියා හිතන්නවත් ජන්කුක්ට බෑ කියලා ජන්කුක්ට තේරුනා... තරහින්.. ශේරා දිහා බලන්.. කෙලින්ම එතනින් හීසර වේගකින් අතුරුදන් දහන් උනාම.. ශේරා ටිකක් වෙලා එතනම ඉදන් කරේ හරි වැඩක්ද වැරදි වැඩක්ද කියලා එයාගෙ හිතින්ම ප්‍රශ්න කරන්න ගත්‍තා....

"ජන්කුක්.... මොකද උනේ...."

"ආ.. මොකුත් නෑ...."

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Donde viven las historias. Descúbrelo ahora