Chapter 12

672 131 10
                                    


ශේරාව ගෙදරට ඇරලවලා ජන්කුක් ආයෙම යනවා බලන් ඉදලා ශේරා ආයේ එපාට්මන්ට් එකට ඇවිත් දොරවහගත්තා... ජන්කුක් එක්ක අද ගිය තැන් ගැන තමා කල්පනා කර කර ඉන්නෙ.. ඒවගේම ජන්කුක්ගේ නමත් දැන් ශේරට මතකයි... ඒනිසා කෙල්ල අනේ මංදා මොකක් හරි සතුටකින් ඉන්නෙ....

ජන්කුක් ගෙදර ඇවිත්.. වොශ් එකක් දාන් පහලට ආවා.... නම්ජුන් හ්‍යුන්ගේ ගෙදර තියන ලොකුම ලොකු කිචන් එකට ආවේ.. අද නම්ජුන් හ්‍යුන් වෙලාසන නිදාගන්න ගිහින් වගේ.. පෙන්න නැති නිසා.. ජන්කුක් පෑන් එකක් ලිපේ තියලා සෝස් වගයක් හැදුවා... ඒවා හදලා.. නිවෙන්න තියලා.. ලස්සන බෝතල් වල දාලා.. අරන් ආවේ ෆ්‍රිජ් එකට දාන්න... ටේබල් එක උඩ තියන බෝතල් එකින් එක දාන ජන්කුක් ගැස්සුනේ නම්ජුන්ගේ කටහඩට....

"මල්ලි ලොකු වැඩක් වගේ...."

"ආ... ආහ්... හ්‍යුන්... හී... හ්‍යුන් නිදාගන්නෙ නෑද..."

"නෑනේ.. ඉතින්.. මල්ලි මොනාද කරන්නෙ.."

"...මම මේ සෝස් හැදුවා...."

"ම්ම්... ශේරව මරලා කන්න වෙන්නැති...."

"ආහ්.. මගෙ පපුව.. ආහ්.. හ්‍යුන්.. ශේරගෙ මරණය.. එපා.. කියන්න එපා.. ආහ්.. මගෙ පපුව.... රිදෙනවා..."

"ම්ම්.. හිතේ නම් කන්න ඒත් රිදෙනවලු පපුව..🤣"

"හ්‍යුන්.....😑"

නම්ජුන් හිනාවෙවී යන දිහා බලන් ජන්කුක් ඔරවන් ඉන්නෙ.. ජන්කුක් දන්නවා 'ගම්ගංගෝ' එක නිසා... ශේරව කන්නවත්.. ශේරට කරදරයක් වෙනවටවත්.. ජන්කුක්ට හිතන්න තියා.. ඒ ගැන කතා කරන්නවත්.. ජන්කුක්ට බැරි උනා.. ජන්කුක් ගේ පපුව රිදුනේ ඒනිසා... ෆ්‍රිජ් එකට අත තියන්.. ජන්කුක් කල්පනා කර කර ඉන්නකොට තමා ශේරා කතා කරනවා ඇහුනේ.. ඒ ශේරා ජන්කුක්ගේ නම කියලා කතා කරපු දෙවනි පාර... ජන්කුක්ට ඇහුන සැනින් ජන්කුක්ට අතුරුදන් වෙලා.. ශේරගෙ එපාට්මන්ට් එකෙන් මතු උනා...

කෙල්ල ෆ්‍රිජ් එක ඇරගෙන මොනාද කල්පනා කරනවා.. ඒත් ජන්කුක් ආවා කියලා ශේරා දන්නෑ.. ජන්කුක් ඉන්නෙ ෆ්‍රිහ් එකට හේත්තුවෙලා.... ශේරා ෆ්‍රිජ් එක වහනකොටම ජන්කුක් හිනාවෙලා බලන් ඉදපු නිසා කෙල්ල බය උනා... පිටිපස්සේන් පිටිපස්සට ගිහින් වැටෙන්න යනකොට.. ජන්කුක් අල්ල ගත්තම.. දෙන්නත් එක්කම වැටුනේ සෝෆා එකට... ශේරා නැගිටින්න හැදුවත් ජන්කුක් නිසා බෑ... ශේරගෙ ඇග උඩ ඉන්න ජන්කුක් දගලන කෙල්ලව බලන් ඉන්නෙ....

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Where stories live. Discover now