නම්ජුන්ව හම්බෙලා ශේරා ජන්කුක් එක්ක ආයෙම එන්න පිටත් වෙලා දැන් ටිකක් දුර ආවත්.. තාම එකම වචනයක් වත් දෙන්නගෙම කටින් පිට උනේ නෑ.. ශේරා ජනේලෙන් ඈත බිල්ඩින්ස් දිහා බලන් කල්පනා කරේ නම්ජුන් කියපු දේවල්... ශේරා මනුස්සයෙක් උනත්.. මේ ලොකේ මනුස්සයන්ට දැකගන්න බැරි දේවල්.. ගොඩක් ශේරා දැකලා තියෙනවා.. ඒ දේවල් වලට මුහුන දීලා තියෙනවා.. දැනුත් මේ ගෙවෙන්නෙ ඒවගේ මොහොතක්.. ජන්කුක් කියන්නෙ vampire කෙනෙක් කියලා දැන දැනත්.. ජන්කුක් හොයන ලේ ශේරා ගාව තියෙන්නෙ කියලා දැන දැනත්... ශේරට ජන්කුක් එක්කම ඉන්න වෙලා... ඒකත් මහ පුදුමාකාර දෙයක්...
කාර් එක එකපාරටම බ්රේක් කරපු නිසා ශේරා විසි නොවි බේරුනේ ශීට් බෙල්ට් දාන් හිටිය නිසා.. ජන්කුක් දිහා ඔරවන් බැලුවම ජන්කුක් කන්න වගේ බලන් ඉන්නවා දැක්ක පාර එරවිල්ල කොහෙන් ගියාද නෑ.. ඒ ඇස් වලට් බය කියන දේ එන්න තත්පරයක් වත් ගියෙ නෑ.. ඒත් ජන්කුක් ඉස්සරහා දුර්වල නොවි ඉන්න ශේරා උත්සහ කරනවා කියලා ජන්කුක් දන්නවා.. එයාට තේරෙනවා...
" තමුසෙ මොනාද කල්පනා කරන්නෙ ඔච්චරටම..... "
"මොකුත් නෑ..."
"මං එක්ක වැඩ කරන්න තමුසෙට බය නැද්ද.."
"එහෙම නෑ.. මේක කරන්නෙ නම්ජුන් හ්යුන් වෙනුවෙන්..."
"හ්යුන්... හහ්.. එයා මගෙ හ්යුන්..."
" ඒකට කමක් නෑ.. එයා ඔයාට වඩා හොද කෙනෙක්.. ඔයා වගේ ආත්මාර්ථකාමි නෑ... මම එයාගෙ පොරොන්දු ව කැඩුවත් එයා තාමත් මං ගැන හොයනවා.. මට උදව් කරනවා... ඒත් ඔයා ඔයා කරේ මාව එදා රවට්ටලා දාලා ගියපු එක.. ඒ අතින්.. ඔයාගෙ අයියා vampire කෙනෙක් උනත් හොද ගතිගුණ තියෙනවා...... ඒත් ඔයාට..."
" ..........👋....... නවත්තගන්නවා.... හිතුවද... මාව බ්රේස්ලට් එකක් දාලා හිර කරාට මගෙ ඉස්සරහා මට ඔහොම කතා කරන්න පුලුවන් කියලා.. ආහ්.. තමුන්ට කොහෙද එච්චර හයියක් ආවේ....."
"ආහ්.. මාව අතාරින්න... ආහ්........."
ජන්කුක් වැරදි.. එයා ශේරව තනිකරලා රවට්ටලා ගියා කියලා ජන්කුක්ගේ හිත දන්නවා.. ඒත් එයා එක්ක පිලිගන්න සූදානම් නෑ.. ඒනිසයි ශේරා ඒක මූණටම කිව්වම ජන්කුක්ට අහන් ඉන්න බැරුව ශේරගෙ කන රතුවෙන්න පාරක් ගැහුවේ.. කෙල්ලගෙ බෙල්ල ශීට් එකට තියලා දද කරලා රතු ඇස් වලින් බැලුවම කෙල්ල කදුලුත් පුරවන් ඇස් පියාගත්තේ ගොදුරක් උන මීපැටියෙක් වගේ... ජන්කුක්ගේ ශක්තිමත් අත් ශේරගෙ බෙල්ලෙන් අයින් කරන්න උත්සහ කරන්නෙ ඒක කරන්න බැරි වැඩක් කියලා දැන දැනයි....
YOU ARE READING
Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️
Fanfiction"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampires ලා ආශ්රිතව තියන සමහර කෘති films වලින් ගත්ත තොරතුරු උදව් කරන් ලියන්නෙ.. මේක ලියන mimi වන මට ඕන විද...