"සාෂා.. දැන් කවද්ද මගෙ වැඩේ කරලා දෙන්නෙ...""ම්ම්... හදිස්සි වෙන්න එපා ජේවුක්.. මං ඒක කරලා දෙන්නම්.. එතකොට මට මොනාද ලැබෙන්නෙ.. ම්ම්.."
"ඔබව මම ආයෙ නැගිට්ටපු එකම මදිද.. දැන් ඔබට ආයෙත් ජීවත් වෙන්න පුලුවන්.."
"හහ්.. මේ මැරිච්ච ශරීරෙ ඇතුලෙ..?? ම්ම්.. බලමුකො.. මං මගෙ වැඩෙ බලාගන්න.. ඒවගේම අනිවාරෙන් මේ ලෝකෙ බලවත් පාලකයා ඔබ බවට පත් කරන්නම්...."
බුජා දැන් සාෂා විදිහට වෙනස් වෙලා ඉන්නෙ... ජේවුක්ට මේ ලෝකෙ බලවත් පාලකයා බවට පත් වෙන්න ඕන උනත් සාෂාට ඕන කරේ වෙනදෙයක්... දැන් ඉන්නෙ බුජා නෙවෙ නිසා සාෂා ඉන්නෙ නම්ජුන්ගෙ එපාට්මන්ට් එකෙ නෙවෙ.....
"මේක.ගොඩක් ලස්සනයි ජන්කුක්....."
"ම්ම්.. මේක ගත්තෙ ඔයාට.. ඒවගේම මේකෙ ගොඩක් ලොකු power එකක් තියෙනවා.. ඔයා කොහෙ හිටියත් මං ඔයාට කතා කරන එක ඇහෙනවා..."
"මොකක්... මං කතා කරාම ඔයාට ඇහෙනවා වගේද..."
"අන්න හරි..... "
ශේරගෙ අතෙ ඇගිල්ලක දාපු ලස්සන මුද්ද ජන්කුක් ඇගිල්ලකින් පිරිමදින ගමන්.. ශේරා එක්ක කතා කර කර ඉන්නෙ.... ශේරා දැන් ගොඩක් සතුටින් ඉන්නෙ... මේ දේ සමහර විට බොරු හැගීමක් වෙන්න පුලුවන්.. ඒත් එදා ජන්කුක්ගේ ඇස් වලින් ශේරා දැක්කා එයා කිව්වෙ ඇත්තමයි කියලා...
කෙල්ල වොශ් රූම් එකට ගියාම.. ජන්කුක් pillow එකක් බදම් තව ටිකක් නිදාගන්න හැදුවෙ... ඒත් ජන්කුක්ගේ ඇස් වලට ගැටුනෙ කෙල්ලගෙ ඇද ලග තිබ්බ ටේබල් එක උඩ තිබුණු ලස්සන box එක... ඒක අරගෙන පොඩ්ඩක් ඇරලා බලන්න හිතුන නිසා බැලුවෙ.... ඒ එදා කෙල්ල ගෙනාව කළුපාට සීනුව.. ජන්කුක් ට මොනා උනත් මේ දේ ගැන හිතාගන්න අමාරුයි.. මොකද මේක එච්චර සාමාන්‍ය දෙයක් වෙන්න බෑ කියලා හිතුනා.... ඒක අතට අරගෙන.. බල බල ඉද්දි තමා කෙල්ල එනවා ඇහුනෙ.... ආයෙම box එකට දාලා.. වොශ් රූම් එකට ගියා.......
කෙල්ල එක්ක පිටත් උනෙ නම්ජුන් හ්‍යුන්ගෙ එපාට්මන්ට් එකට එන්න.. ශටර් එකෙන් එලිය බලන් ඉන්න කෙල්ලගෙ මූණ සතුටින් පිරිලා තියෙන්නෙ.. මොකද මේ ටිකෙ ජන්කුක් හිටියෙ කෙල්ල එක්ක.. වෙනදා වගෙ රණ්ඩු නැති ආදරෙන් හිටපු හොදම දවස් ටික මේක උනා.. කාර් එක පාක් කරලා කෙල්ලගෙ අතින් අල්ලම් එපාට්මන්ට් එක ඇතුලට ආපු ජන්කුක්වයි ශේරවයි දැකලා නම්ජුන්ට බිබි හිටිය තේ එකත් හිර වෙලා කැස්සකුත් ආවා...
ESTÁS LEYENDO
Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️
Fanfic"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampires ලා ආශ්‍රිතව තියන සමහර කෘති films වලින් ගත්ත තොරතුරු උදව් කරන් ලියන්නෙ.. මේක ලියන mimi වන මට ඕන විද...