Chapter 6

716 124 8
                                    


න්කුක් ශේරාගේ එපාට්මන්ට් එක ලගට එනකන් ඇවිත් ආයේ හැරිලා එන්න ආවේ නම්ජුන් හ්‍යුන්ගේ එපාට්මන්ට් එකට.... ඒත් ටික දුරක් යනකොට.. එදා අර අමුනුෂ්‍යා කිව්ව.. සුදු නෙලුම් මල් සුවද එන්න ගත්තා...
එන්න එන්නම සුවද පැතිරෙනවත් එක්කම ජන්කුක් දැක්කා.. හැමතැනකම වගේ ඉන්න අමුනුෂ්‍යයෝ ඒ වෙත ඇදිලා එනවා.....

කාර් එක ආයේ යුටර්න් එකක් අරන් හරවගෙන එන ජන්කුක්ගේ ඇස් රතු පාටින් දිලිසෙනවා... ජන්කුක් ට වෙන මොකුත් සිහියට එන්නෑ.. ඒ නෙලුම් මල් සුවදට වශී වෙලා වගේ සුවද එන දිශාවටම කාර් එක අරන් ඇවිත්... විදුලි වේගෙන් වගේ.... වටේම හිටිය අමුනුෂ්‍යන් විනාශ කරලා.. දාලා එතන හිටපු කෙල්ලව ලගට ඇදලා ගත්තා....
ඒත් මූණ දිහා බලද්දි දැක්කෙ ඒ ශේරා කියලා.. ඒවගේම ජන්කුක් ඇවිත් තියෙන්නෙ ශේරගෙ එපාට්මන්ට් එකට කියලා ජන්කුක්ට දැන් සිහියට ආවේ....

" ශේරා.. තමුසේ......"

"ඔ ඔයා මාව බේරගන්නද ආවේ...."

"ආ.... මේ...."

ජන්කුක් ට මේ මොකුත් හිතාගන්න බෑ.. හැම අමුනුෂ්‍යෙක් ගෙන්ම බේරගත්ත නිසා ශේරා හිතන්නෙ.. ජන්කුක් ශේරව බේරගන්න ආවා කියලා... ඒත් ජන්කුක් ආවේ උතුම් ලේ තියන මනුෂ්‍යව හොයාගෙන... ඒත් එතන ඉන්නෙ ශේරා.. එතකොට......

" ඒ කෙනා.. ඔයා ද...."

"මොකක්ද...."

"නෑ... තමුසෙගෙ කොහෙ හරි තුවාල උනාද...."

ජන්කුක් කෙල්ලව හරව හරව බැලුවේ කෙල්ලගෙ ලේ වලින්මද ඒ සුවද ආවේ කියලා දැනගන්න... කෙල්ලව ඉනෙන් ඇදලා ලගට ගන්න ගමන්.. ටීශර්ට් එක උරහිසෙන් පහතට දාලා... ප්ලාස්ටර් එක ගැලෙව්වම... දැක්කා හපපු සලකුණක්... ඒ එදා.. අමුනුෂ්‍යා හැපුවා කිව්ව සලකුණ.... ජන්කුක් හිතුවේ නෑ.. එයාට ඕන කරන ලේ තියන කෙනා ශේරා වෙයි කියලා... කොල්ලා මාක් එක දිහාම බලන් ඉන්නෙ.. මෙහෙම ඉන්න තවත් අපහසු නිසා ජන්කුක් ගෙන් කෙල්ල අයින් උනා....

" ඔයා ආවේ මාව බේරගන්න නෙවේද..."

"නැහැ..... කොහෙද තුවාල උනේ...."

"ඒ කියන්නෙ ඔයත් අනිත් අය වගේම.. ආවේ මගෙ ලේ සුවද නිසා..."

"විකාර කතා නැතුව කියනවා..."

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Where stories live. Discover now