Chapter 2

896 156 4
                                    

නම්ජුන්.. කලුපැහැති සම්පූර්ණයෙන් වැසුණු ඇදුමෙන් සැරසුනු වඩාත් උස පුද්ගලයෙක් උනා.. නම්ජුන්ගේ වැහිලා නැති මුහුණ ඉතා ප්‍රියමනාපයි.. පැහැපත්.... ඔහු ලස්සනයි.. නම්ජුන් ගේ අතේත කුඩයක් නිතරම තියෙනවා.. 🌂  ඒක සාමාන්‍ය එකක් නෙවේ කියලා ශේරා කලින්ම දැක්කා.....

"ශේරා..... ඔයා යන්න ඕනේ දැන්......"

"ඔයා එන්නෙ නැද්ද... "

"නෑ ශේරා මට එන්න බෑ.... මේක කරන්න පුලුවන් ඔයාට විතරයි... ඔයාට මෙතන ඉදලා මීටර් දෙසීයක් විතර ගියාම ලස්සන ගෙයක් පේන්න ගනී..... ඔයා ඒක ඇතුලට යන්න... කිසිම මොහොතක ඒකේ ඇතුලේ කතා කරන ශබ්ද.. ඔයාට පේන කිසිම දේකට ඔයා අවදානය දෙන්න එපා.. තේරුනාද.. ඒක ඔයාට භයානකයි.....

ඔයා කවුරු හරි කතා කරොත් ඇහෙන්නෑ දැක්කේ නෑ වගේ ඉන්න... ඔයාට ඒ ගේ ඇතුලට ගියාම පඩිපෙල උඩට නැගලා යනකොට එතනම තියනවා ලස්සන දිලිසෙන ටිකක් ලොකු බෝලයක්.. ඒක ඔයා අතට ගත්ත ගමන් ඉක්මනට එන්න...

ඇහෙන පේන කිසිම දෙයක් විශ්වාස කරන්න නම් එපා... මං මෙතනම ඉන්නවා ඔයා එනකන්.. යන්න ශේරා මට ඒක ගෙනත් දෙන්න....."

"හොදයි... එතකොට මගෙ කුඩෙත් ඔයාගේ කුඩේ වගේ කරලා දෙනවා නේද නම්ජුන්..."

"ඔව් ශේරා.. මං පොරොන්දු වෙනවා... "

පාසල් බෑග් එකත් දාගෙන අතේ තියන පුංචි කුඩෙත් අරන් ශේරා නම්ජුන් කිව්ව පැත්තට එන්න ආවේ... ටිකක් කැලේ පැත්තක් උනත්.. ශේරට බය හිතෙන්න තරම් මේ කැලේ එච්චර ඝන නෑ..... වටපිට බල බල එන්නෙ නම්ජුන් කිව්වා වගේ ගෙයක් ශේරට පේනවද බල බල...... ටික දුරක් ආව ශේරාට එයා ඉන්න තැනට උස් කදු බෑවුමක තියන ලස්සන ගෙදරක් පෙනුනා.. ලී වලින් වීදුරුවලින් හදලා තියන මේ ගෙදර ගොඩක් ලස්සනයි....

"මේක වෙන්නැති ඒ ගෙදර..."

එයාටම කියාගෙන ශේරා එයාට පේන ගෙදරට එන්න තියන අඩි පාරේ එන්න ගත්තා... මේ කැලේ මෙච්චර ලස්සන ගෙදරක් තියන එක පුදුමයි.... වටපිට බල බල ඒ ගේ ලගට එනකොටත් ගෙදර ප්‍රදාන දොර ඇරලයි තිබ්බෙ...  ඇතුලට ඔලුව දාලා බැලුවම දැක්කෙ මුලු ගේ පුරාම ඉටිපන්දම් වලින් ආලෝක මත් වෙලා තියෙනවා... පිටතින් සාමාන්‍ය ගෙයක් වගේ තිබ්බත් ඇතුලට ආවම යම්කිසි අමුත්තක් පුංචි ශේරට නොදැනුනාම නෙවෙයි....

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Where stories live. Discover now