ඇස් වලට එන්න ආව කඳුලු පාලනේ කරගෙන මන් හැඟීමක් නැති මූනෙන් ජිමින් දිහා බැලුවෙ තාමත් ඔයා මගේ මිමී තමයි කියල කියාගන්න බැරි කමට...
"ආ...ඒරා...කතා කරන්න...එච්චර ඉක්මනට ඔයාට මාව අමතක කරන්න පුලුවන් වුනාද?"
ජිමින් එහෙම අහද්දි මට තවත් කඳුලු පාලනේ කරගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ...ලොකු කඳුලු බිංදු දෙකක් ඇස් වලින් කඩන් වැටෙද්දි ජිමින් කලබල වෙලා මගෙ කදුලු පිහදාන්න හැදුවත් ඒ අත ගසල දාලා කඳුලු පිහදාගෙන ආයෙත් මන් කතා කරන්න ගත්තෙ තරහෙන්.....
"ඔයා මාව දාලා ගියාටත් පස්සෙ ඔයා කියන්නෙ මට ඒ ගැන හිත හිත ඉන්න කියලද ජිමින්...මොකද්ද ඔයා මේ නටන පිස්සුව ආහ්...මාව එපා නම් මේ ආයෙ පාරක් ඇවිත් මොකද්ද මේ කරන්නෙ කියනවද?.."
"ඇති ඒරා...හොඳටම ඇති...මන් එහෙම කරන්න ලොකු හේතුවක් තියනව....ඔයා එච්චර ඉක්මනට මාව අවිශ්වාස කරේ අර හැම වෙලේම ඔයාගෙ ඇඟේ එල්ලිලා ඉන්න සූබින් කියන එකා හින්ද නම් මන් ඌව මරනව.."
ජිමින් තරහෙන් කියාගෙන යද්දි මන් බලන් හිටියෙ පුදුමෙන්...ජිමින් මේ විදිහට තරහ ගන්න කෙනෙක් නෙමෙයි...ඇරත් මෙයා කොහොමද සූබින් ගැන දන්නෙ...
මන් කටත් ඇරන් ජිමින් දිහා බලන් ඉද්දි ජිමින්ට ලාවට හිනාවක් යනව මන් දැක්කා...අද ආවට පස්සෙ මේ එයා හිනාවුනාමද කොහෙද...ඉස්සර වගේමයි හිනා වෙද්දි හරි ලස්සනයි මගෙ මිමී...
මන් ජිමින්ගෙ මූන දිහා ගොඩක් වෙලා බලන් හිටියෙ කොච්චර කාලෙකින්ද මේ මූන දකින්නෙ කියල කල්පනා කරන ගමන්....ජිමිනුත් මගේ දිහාම බලන් ඉද්දි අපි දෙන්නම ආයෙ වෙන අතක් බලාගත්තෙ කවුරුහරි උගුර පාදන සද්දයක් ඇහුනු නිසා.....
"ඉතින් ඉතින් මොකද දැන් කියන්නෙ දෙන්නා..ආ?"
චන්ග්මින් අන්කල් ජිමින්ගෙ පිටට තට්ටුවක් දාලා මන් දිහා හිනා වෙලා බලල අහද්දි මන් මුකුත් නොකියා බිම බලාගත්තා...
"ඔයාට හැම දෙයක් ගැනම ඉස්සරහට දැනගන්න පුලුවන් වෙයි ඒරා..ඔයාට හීසෝ ආන්ටිව විශ්වාසයිනෙ නේද?"
YOU ARE READING
AGAIN || PJM (ONGOING)
Fanfiction"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15