Chapter 11

122 31 21
                                        

"හරි ඉතින් ඇත්තම කියන්න...අපි අපිනෙ කුකී.."

"එහෙම එකක් නෑ...නූනා මොකද්ද අනේ..."

"අපි දන්නෙවත් නෑනෙ...අහද්දිවත් කිව්වෙ නෑ.."

"අනේ හොබී හ්‍යොන්ග් මේ නූනගෙ බොරු..."

කුකී මගේ දිහා බලල ඔරවන ගමන් යුන්හි දිහා බලද්දි මාත් බැලුවෙ ඒ දිහා...අපි බලද්දි බිමට මූන හරවපු යුන්හි කවදාවත් නැතුව සද්ද නොකර හිටියා...

"කුකී ,මේක ගැන මට පැහැදිලි විස්තරයක් ඕනි හරිද?."

"මොන විස්තරද එයා තවම දන්නෙත් නැතුව.."

බිම බලාගෙන කුකී මිමිනුවෙ කාටත් නෑහෙන්න...

"ජිමින් දන්නෙත් නැද්ද මේ ගැන.."

හොබී ඔප්පා හිනා වෙලා ජිමින්ගෙන් අහද්දි අපි හැමෝම හැරුනෙ ඒ දිහාවට..මෙච්චර වෙලාවක් මේ කතාව අහගෙන කිසිම දෙයක් නොකියා හිටපු ජිමින් ලාවට හිනා වෙද්දි ඔක්කොමලා ඒ දිහා බලන් හිටියෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්...

"මන් දන්නව.."

"ම්වෝ..."

ජිමින් කිසි ගානක් නැතුව කියද්දි අපි හැමෝටමත් වැඩිය පුදුම වුනේ කුකී...

"හ්‍යොන්ග් කොහොමද දන්නෙ ආහ්...බොරු නේද කියන්නෙ.."

"මන් දන්නව.."

"මොනාද?.."

"ඔය කියන්නෙ කවුරු ගැනද, ඔයාගෙ හිතේ තියෙන්නෙ මොනාද ,කොච්චර කල් ඉඳන් ඕක හිතේ තියන් ඉන්නවද කියලා මන් දන්නව..."

"අනේ හ්‍යොන්ග්.."

"තව එයා ඔයා ගැන මොනාද හිතන්නෙ කියලත් දන්නව.."

"ඒ කියන්නෙ ජිමින් එයාව දන්නවා ..එහෙමද?.."

"මන් විතරක් නෙමේ හොබී හ්‍යොන්ග්...ඔයා එහෙමත් දන්නව..."

"අනේ හ්‍යොන්ග් පිස්සු නටන්න එපා..මන් තවම එයාට කියලත් නෑ ..දැන් ඔක්කොම මෙතන දිග අරින්නද හදන්නෙ..."

කුකී හයියෙන් කෑගහද්දි ජිමින් ඇස් හීනි කරන ගමන් හිනා වුනා...ජිමින්ටත් රවලා මටත් රවන ගමන් කුකී එතනින් නැගිටල ගියෙ යුන්හි දිහාත් එක පාරක් බලන ගමන්...

AGAIN || PJM (ONGOING)Where stories live. Discover now