"ආයිශ්...."
"යා..ජන්කුකා...අයින් වෙනවා ...පිස්සු හැදීගෙන එනවද..."
ජිමින් කෑ ගහපු සද්දෙට කොල්ලා මගෙන් ඈත් වුනේ කට පුරා හිනා වෙන ගමන්....
'තවත් ලස්සන වෙලාද මන්දා'
මගෙ කුකී....කොච්චර කාලෙකින්ද දැක්කෙ....ඉස්සර මගෙත් එක්ක එකතු වෙලා මගෝඩි වැඩ කරල අපි දෙන්නා ජිමින්ගෙන් කොච්චර බැනුම් අහල ඇත්ද...
"හ්යොන්ග් කට වහන් ඉන්න අනේ..කොච්චර දවසකින්ද නූනව දකින්නෙ මන්...."
අත් අරෙහෙට මෙහෙට ගස්ස ගස්ස කටර් එක වගේ ජිමින්ට කියල කුකී හිනාවීගෙනම මගෙ පැත්තට හැරුනා...
"මට නූනව ගොඩක් මතක් වුනා...."
"මටත් ..."
මන් ලා හිනාවක් එක්ක කියද්දි කුකී ඇස් චූටි කරල මන් දිහා බලල ආයෙ කට ඇද කරල අහක බලාගත්තා...
"අනේ බොරු කියන්නෙ නැතුව ඉන්න...මාව නිකමටවත් බලන්න ආවෙ නෑ...නූනා දන්නෙ නෑනෙ මට නූනව කොච්චර මතක් වුනාද කියල...අමතක කරල ඉඳල දැන් දැක්කට පස්සෙ කියනව මතක් වුනා කියල....මගෙ calls answer කරේවත් නෑ නූනා ඔයා....මන් තරහයි නූනා එක්ක..."
අහක බලාගෙනම කුකී කියාගෙන යද්දි මගෙ ඇස් වලට කඳුලු පිරුනා...ඉස්සර ඉඳල කුකී මට එයාගෙම නූනට වගේ සැලකුවේ...මන් දැනන් හිටියා කුකී මට කොච්චර ආදරේද කියල...ඒත් මේ ප්රශ්නෙන් පස්සෙ මන් කුකීවත් මග ඇරියෙ හිතේ තිබ්බ දුකට....
මන් කුකීගෙ මූන දිහා බලද්දි කුකීගෙ ඇස් වලත් කඳුලු තියනව දැක්ක...අනිත් පැත්ත හැරිලා කඳුලු හංගන්න හැදුවත් මන් ඒක දැක්කා....මන් කරපු දේ වැරදී කියල හිත කෑගහල කියනකොට මට ඉබේම ඇඬුනා....බිම බලාගෙන හැඬුම් පාලනේ කරගන්න හැදුවත් කදුලු බිංදු එක දෙක ඇස් වලින් වැටෙද්දි මන් පිටිඅත්ලෙන් කඳුලු පිහදාන්න ගත්තා..මගෙ ඉකි ගහන සද්දෙට කුකී වගේම ජිමිනුත් මන් දිහා බයවෙලා වගේ බැලුවා...
"අනේ නූනා..මන්...මන් තරහ නෑ....අඬන්න එපා ඉතින්....මේ බලන්නකෝ ....හිත රිද්දන්න හිතන් එහෙම කිව්වෙ නෑ මන් ....නූනා.."
කුකී මාවත් බදාගෙන ඉකි ගගහ කියවන්න ගද්දි මාත් ආපිට කුකීව බදාගෙන ඇඬුවා...ටිකක් වෙලා එහෙම ඉදල අපි ඈත් වෙද්දි ජිමින් අත් දෙකත් බැඳගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා...

YOU ARE READING
AGAIN || PJM (ONGOING)
Fanfiction"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15