Chapter 10

111 35 14
                                    

"ඔප්පා මොකද මේ"

ආපු වෙලේ ඉඳන් කලබලෙන් වගේ එහෙට මෙහෙට ඇවිදින හොබී ඔප්පගෙන් යුන්හි ඇහුවෙ මෙච්චර වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා ඇති වෙලාද කොහෙද...

"ආහ්ම්...මුකුත් නෑ මේ...."

හොබී ඔප්පා අමාරුවෙන් වචන ගැටගහද්දි මට පොඩි හිනාවක් ගියෙ ඒ මූන දැකලා....

සතියකට විතර කලින් එලීනා ඔන්නිව මුණ ගැහුන දවසෙ අපි කතා වුනේ අපේ ගෙදරදි ඔන්නිව යුන්හිට වගේම අනිත් අයටත් අඳුන්වලා දෙමු කියලයි...එදා කතා වුන විදිහට ඔන්නි අද මෙහෙ එන නිසා හොබී ඔප්පා කලබල වෙලා හිටියත් මේ මුකුත් නොදන්න යුන්හි දැනගෙන හිටියෙ ජිමිනුයි කුකීයි අද මෙහෙ එන බව විතරයි...

"අඳුරන්නෙ නැති දෙන්නෙක් නෙමෙයිනෙ එන්නෙ..ඔප්පා මොකද ඔච්චර බය වෙලා.."

"මුකුත් නෑ මුකුත් නෑ..."

හොබී ඔප්පා මගේ දිහාත් බලන් ගමන් කියද්දි මන් එයත් එක්ක හිනා වුනේ බය වෙන්න එපා කියන්න වගේ....

ගෙදරදි නැතුව රෙස්ටුරන්ට් එකකදි යුන්හිව මුලින් ඔන්නිට මුණ ගස්සලා පස්සෙ දවසක සම්චොන්ලට මුණගස්වන්න හිතුවත් සම්චොන්ගෙ වගේම අපේ ඔම්මගෙත් බලකිරීම හින්දා එලීනා ඔන්නි අපේ ගෙදරට එන්න තීරණේ කරා..ඔන්නි නම් ඒ ගැන හිටියෙ හරි සතුටින්...හොබී ඔප්පා නම් බය වෙලා හිටියෙ යුන්හි මේකට මොන විදිහට රිඇක්ට් කරයිද කියලා..

ගේට්ටුවෙන් ඇතුලට ජිමින්ගෙ වාහනේ දාන සද්දෙ ඇහෙද්දි හොබී ඔප්පයි මායි දෙන්නම යුන්හි දිහා බැලුවත් එයාගෙ මූනෙ වෙනසක් පෙනුනෙ නෑ...

'දැන්ම නෙමේ මූන වෙනස් වෙන්නෙ..'

"නූනා..."

යුන්හි දිහා බලන් හිටපු මන් දොර දිහා බැලුවෙ මට කතා කරනව ඇහුන සද්දෙ හින්දා....

එලීනා ඔන්නිගෙ අතකිනුත් අල්ලගෙන කුකී හිනා වෙවී අපි දිහා මාරුවෙන් මාරුවට බලද්දි මූනෙන් මූන බලාගත්ත හොබී ඔප්පයි මමයි ආයෙම වතාවක් බැලුවෙ යුන්හි දිහා..

සැරින් සැරේ ඔන්නිගෙයි කුකීගෙයි පැටලුනු අත් දිහා බලන ගමන් යුන්හි මූන රතු කරන් මන් දිහා බැලුවෙ මේ මොකද වෙන්නෙ අහන්න වගේ..

AGAIN || PJM (ONGOING)Where stories live. Discover now