"මාත් එක්ක තමයි නේද හරියට කතා නොකරන්නෙ....ජන්කුකා එක්ක ඉද්දි බලන්න ඕනි කට"
සෝල් නගරෙ හරි ලස්සනට පේන සුපුරුදු rooftop එකේ අයිනෙම තිබ්බ table එකේ දෙපැත්තෙ වාඩි වෙලා coffee එකක් තොල ගාන ගමන් හිටපු ජිමින් මන් දිහා නුරුස්සන බැල්මක් දාන ගමන් කියද්දි මන් මුකුත් නොකියා ඈතට ඇස් යැව්වා...
Lunch එකත් අරගෙන එන්න පිටත් වෙද්දි හීසෝ ආන්ටිගෙ බල කිරීමට ඇවිදින්න යන්න කිව්වම ජිමින් ආවෙ මෙතනට......ඉස්සර අපි දෙන්න කොච්චර නම් මෙතනට එනවද...ඒත් ඒ හැමදාකම තිබ්බ සතුට සැහැල්ලුව අද මන් ගාව නෑ...හිත මොකද්දෝ හිස් හැඟීමකින් පිරිල ගිහිල්ලා...වෙනදට ජිමින් ලඟින් ඉද්දි හිතට දැනෙන්නෙ සැනසීමක්...ඒත් ඒ හිතම අද නොසන්සුන් වෙලා....
"ඒරා....අපිට ආයෙත් ඉස්සර වගේ ඉන්න බැරිද ...."
නිහඬ බව බිඳල ජිමින් කතා කරන්න ගත්තා....
ඒක කියද්දි ජිමින්ගෙ කටහඬ වෙව්ලනව දැනුන නිසා මන් ජිමින් දිහා බලද්දි එයාගෙ ඇස් වල කඳුලු....ඒ මූන දැක්කම හංගගෙන හිටපු කඳුලු ඔහේ ගලාගෙන ගියා...මන් නැගිටල ගිහින් ගරාඳි වැටට හේත්තු වෙලා ඈත බලාගෙන ඉද්දි ජිමිනුත් නැගිටල ඇවිත් මගෙ එහා පැත්තෙන් හිට ගත්තා.....මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉඳපු ජිමින් මගෙ කඳුලු පිහදාන්න ගද්දි මාත් ජිමින් දිහා බලාගෙනම ඒකට ඉඩ දුන්නෙ ඒ ස්පර්ශය මට ගොඩක් මගඇරුනු නිසා....
"කොච්චර ආඩම්බරකම් දැම්මත් මන් දන්නව මගේ ඒරා මට තවම ආදරෙයි කියල....ටික කාලයක් දෙන්න ඒරා හැමදේම හරියයි... මාව අවිශ්වාස කරන්න එපා...."
"ජිමින්....මට හැමදේම දැනගන්න ඕනි.."
හිතේ කතන්දර ගොන්නක් හිර කරන් මන් ඇහුවෙ එච්චරයි....
'සතුට විතරක් නෙමෙයි දුකත් මට ඔයත් එක්ක බෙදාගන්න ඕනි.....ඔයා මගෙ ලඟින් ඉන්නවනම් මට කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමේ ජිමින්...ඔයා මගෙන් ඈත් වෙනව තරම් මට කිසිම දෙයක් රිද්දන්නෙ නෑ...කොච්චර දවසක්නම් මන් මේ දුක හිර කරන් ඉන්නද ...පපුව පැලෙන්න තරම් රිදෙනවා මගේ..ඔයා දන්නවද මට මැරෙන්න හිතිලා තියෙන්නෙ ජිමින්.....මට..මට බෑ තවත් නම් විඳවන්න මේ විදිහට...'
YOU ARE READING
AGAIN || PJM (ONGOING)
Fanfiction"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15