"නූනා දැන් අපෙ ඔම්ම කාගෙත් ඔම්මද?"
"ආහ්?..."
කුකී යුන්හි දිහාත් හොරෙන් බලන ගමන් කියද්දි කට්ටියම බලන් හිටියෙ මෙයා ඊලඟට අල්ලන්න යන අඩව්ව මොකද්ද කියල කල්පනා කරන ගමන්.....
"නෑ දැන් මෙයාට හීසෝ ආන්ටිව ඔම්මා වුනේ කවදා ඉඳන්ද?.."
"අද ඉඳන් ඇයි මොකක් හරි ප්රශ්නයක්ද?.."
යුන්හි සද්දෙට කියද්දි කුකී මන් දිහා බලලා ඇහැක් ගැහුවා.....
'හහ්...මේ කොල්ලා යුන්හිව බයිට් කරන්න යන්නෙ....යුන්හිත් ලණුව කෑවා...එයත් එකයි එයාගෙ චිමී ඔප්පත් එකයි...'
මන් කල්පනා කරද්දි කුකී ආයෙත් කතා කරන්න ගත්තා...
"ඉතින් පැටියෝ ඔයාට මේක ගැන කලින් කියන්න තිබ්බනෙ මට..."
කුකී තොල් උල් කරල යුන්හි දිහා බලන ගමන් කිව්වා
"මොකද්ද කියන්නෙ තමුසෙ.."
"නෑ ඉතින් අපෙ ඔම්මගෙ පොඩි පුතාව ඕනි හින්දා නේද ඔහොම කරන්නෙ..... හ්ම්ම් හරි හරි මන් හිතල බලල උත්තරයක් දෙන්නම්කෝ..."
"මොනාද ඔන්නි මේ දිගා කියවන්නෙ...."
"හරි හරි ඔයාට මේක දැන්ම කියන්න බැරි නම් කමක් නෑ..පස්සෙ කියන්න.."
"හහ්....මූන පොඩි කරන්න කලින් කියනවද මොනවද මේ කියවන විකාර කියල..."
"ඇයි ඉතින් ඔම්මා කියල එක පාර කියන්න ගන්නෙ ඒකනෙ....හ්යොන්ග් මායි ඇරුනම මේ ගෙදර වෙන කොල්ලො නෑනෙ..."
"ඉතින්.."
"ඉතින් කියන්නෙ ඔයා මට කැමති හින්දා තමයි ඔහොම කරන්නෙ....අපෙ ඔම්මා ඔයාගෙ ඔම්මා වුනේ ඒකනේ.....😌"
කුකී ලොක්කෙක් වගේ කියද්දි යුන්හිගෙ මූන තරහටම රතු වුනා...
"හහ්....ඔප්පා බලන්නකො මෙයා කියන ඒවා.."
"මාව අල්ලගන්න එපා ඕවට...."හොබී ඔප්පා කිව්වෙ හිනා වෙවී...
"නූනා මොකද කල්පනාව..."
කුකී මගෙ දිහා බලල හිනා වෙද්දි මන් කට කොනකට හිනාවක් ගත්තෙ ආපු කුරිරු අදහස ක්රියාත්මක කරන්න හිතාගෙන...
"යුන්හිද ඔයාට කැමති නැත්තන් ඔයාද යුන්හිට කැමති කියල හිතාගන්න බෑ මට ..."
YOU ARE READING
AGAIN || PJM (ONGOING)
Fanfiction"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15
