Chapter 5

138 42 15
                                        

සතියක් ගෙවිලා ගියෙ ඇහි පිය ගහන වේගෙන්...මේ සතිය ඇතුලත ජිමින් නිතරම අපේ ගෙදර ඇවිත් ගියත් මන් කරේ ජිමින්ව මග ඇරපු එක....ඒක ජිමින්ට වගේම ඔම්මටයි අප්පටයිත් තේරුනත් එයාල මුකුත් නොකිය හිටියෙ මන් තාමත් හිත හදාගෙන නැති බව දන්න නිසා වෙන්නැති...

මන් සාලෙට වෙලා ෆෝන් එකටත් මූන ඔබාගෙන හිටියෙ තාම එනව කියපු අමුත්තො ආපු නැති නිසා....

ඒත් ටිකකින් වාහනයක් නවත්තන සද්දයක් ඇහෙද්දි මන් ඉක්මනට දොර ගාවට දුවල ගියත් මාව තව අඩි දෙක තුනක් පස්සට විසි වුනේ කව්ද මන්දා මගේ ඇඟේ එල්ලුන හින්දා....

"අනේ මගෙ ඔන්නී...."

"යුන්හියා..."

"යා..යුන්හී මොකද මේ ආපු ගමන් රිලව වගේ එල්ලිලා...බහිනව ඉතින්..."

"හොබී ඔප්පා..."

මන් හිනා වෙලා හොබී ඔප්ප දිහා බලද්දි එයත් කට පුරෝලා මාත් එක්ක හිනා වුනේ යුන්හිට රවන ගමන්මයි.....

යුන්හි තාමත් මගෙ ඇඟේ එල්ලිලා ඉන්න හින්දා මන් යුන්හිව ඈත් කරද්දි එයා මගෙන් ඈත් වුනේ කම්මුලට කිස් එකකුත් දීලා...

"I miss you ඔන්නී...."

"Miss you too යුන්හියා"

"ආහ් මේ දෙන්නගෙ නාකි හුරතලේ..."

ඔම්ම එහෙම කියන ගමන් හොබි ඔප්පටයි සම්චොන්ටයි ගේ ඇතුලට එන්න කියද්දි යුන්හිත් මගෙ අතේ එල්ලිලා නටව නටව ගේ ඇතුලට ආවා....

හැමෝම ඉඳගත්තට පස්සෙ ඔම්ම බොන්න මොනාහරි ගේන්න යද්දි සම්චොනුත් ඒ පස්සෙන්ම ගියෙ හුඟ කාලෙකින් නිසා කතා බහ කරන්න වෙන්නැති..ඒ අතරෙ යුන්හි පටන් ගත්ත එයාගෙ සුපුරුදු ප්‍රශ්න පත්තරේ දිග අරින්න....

"ආන් දැක්කද අපෙ අප්පට නංගි දැක්කම ඔක්කොම අමතකයි..."

"ඒක නෙමේ....
ඔන්නි කෙට්ටු වෙලාදත් මන්දා?...
මේ සෝෆා එක මෙතන නෙමෙයි නේද කලින් තිබ්බෙ?....
ඉතින් හීසෝ ආන්ටි ,චිමී ඔප්පා එහෙම හොඳින් ඉන්නවද?.....
සම්චොන් එද්දි ගොඩක් රෑ වෙනවද ඔන්නි?..
අද ඔප්පයි මායි එක්ක චිමී ඔප්පලාගෙ ගෙදරත් යන් හරිද?හුඟ කාලෙකින් දැක්කෙත් නෑ අප්පා....
එතකොට අර බකපන්ඩිත හාවත් ඉන්නව ඇති නේද?ඔව් ඉතින් එයාගෙ ගෙදරනෙ ඒක...
අපි යද්දි එයා හිටියෙ නැති වුනොත් හොඳයි නේද ඔන්නි?.."

AGAIN || PJM (ONGOING)Where stories live. Discover now