කැෆේ එකේ වීදුරුවෙන් පේන පාරෙ යන වාහන දිහා බලාගෙන මන් හිටියෙ හිතේ ලොකු බරකින්...සැරෙන් සැරේ ඔරලෝසුවට ඇස් යවන ගමන් හිටිය මන් ගැස්සිලා ගියේ මගෙ නම කතා කරපු සද්දෙට..
"ඒරා...මන් පරක්කුද?.."
හති දාන අතරේ හිනා වෙවීම මාව හග් කරන ගමන් සූබින් අහද්දි මාත් එයාව ආපිට හග් කරන ගමන් හිනා වුනා...
"ඒ ඔයාගෙ හැටිනෙ ඉතින්..මට පුරුදුයි.."
"හ්ම්..මගෙ විදිහ පුරුදු වෙන තරමට හොඳයි.."
මගෙ ඉස්සරහින් වාඩි වෙන ගමන් සූබින් හිනා වෙවී කිව්වත් ඒ කතාවට මගෙ හිත ටිකක් ගැස්සුනා...මොනදේ වුනත් මන් වෙනසක් නොපෙන්නා ඉන්න හිතාගත්තෙ සූබින් මාව හම්බෙන්න ඕනි කියල කියපු මොහොතෙමයි...
"මොකද එක පාරට හම්බෙන්න ඕනි කිව්වෙ සූබින්.."
මන් කතාව වෙන පැත්තකට හරවන ගමන් කතා කරේ මට දැනුන අපහසුතාව හින්දා..
ඊයෙ ජිමින්ගෙ ගෙදරින් එන්න ලෑස්ති වෙද්දි ජිමින් කියපු දේවල් නිසා මන් හිටියෙ කවදාවත් නොදැනුන බයකින්...ජිමින් හේතුවක් නැතුව ඒ වගේ දෙයක් නොකියන හින්දා මගේ හිතේ තිබුනෙ චකිතයක්..
"හුඟ දවසකින් හම්බුනෙත් නැති නිසා ඉතින්..ඇයි ඒරා ඔයා අකමැතිද?."
"අනී...එහෙම දෙයක් නෑ..."
මන් ඔලුව දෙපැත්තට හොලවන ගමන් කියද්දි සූබින් මුකුත් නොකියා හිනා වුනා...ඒ වෙලාවෙම ඕර්ඩර් කරපු මිල්ක්ශේක් දෙක ටේබල් එකෙන් ගෙනත් තිබ්බ නිසා අපි දෙන්නම මුකුත් නොකියා ඒක බොන්න ගත්තා...
"ඒරා.."
දිග නිහඬතාවෙකින් පස්සෙ සූබින් කතා කරද්දි ස්ට්‍රෝ එක දත් අතර හිර කරගෙනම මන් ඇස් උස්සල ඒ දිහා බැලුවෙ ඇයි අහන්න වගේ..
"ජිමින් කතා කරේ නැද්ද තාම.."
හිතුව විදිහටම සූබින්ගෙන් ඒ ප්‍රශ්නෙ එල්ල වෙද්දි මගෙ ඇඟ සීතල වුනා...
මන් බිම බලාගෙනම නෑ කියන්න ඔලුව වනද්දි සූබින් කිසිම දෙයක් නොකිව්වත් ඇත්තටම එයාගෙ මූනෙ පසුතැවීමක් තිබ්බෙත් නෑ...
YOU ARE READING
AGAIN || PJM (ONGOING)
Fanfiction"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15
