Chapter 7

138 41 34
                                        


"අනේ මේ ඒක නං බෑ..."

"බයයි නම් ඒක කියනව හලෝ .."

"මන්..මන් බය නෑ.."

විනාඩි දහයක් තිස්සෙ රන්ඩු වෙන යුන්හීයි කුකීයි දිහා මන් බලන් කලකිරීමෙන්...

'ෆිල්ම් එකක් බලමු කියල කතා වුනාට මෙතන වෙන ෆිල්ම් එකක් වගේ..'

හැමෝම කතා වෙලා ෆිල්ම් එකක් බලන්න ලෑස්‍ති වුනත් යුන්හියි කුකීයි ඒකටත් රන්ඩු වෙන්න ගත්තා...කුකී horror movie එකක් බලමු කිව්වම යුන්හි කෑ ගහන්න ගත්තෙ එයාට ඒක බලන්න බෑ කියල...යුන්හි බයයි කියල පෙන්නන්න අකමැති නිසා මෙහෙම රන්ඩු වුනත් කුකී නම් රන්ඩුවෙන්නෙ යුන්හි බයයි කියල දැනගෙනමයි...

"කට නම් තියනව ගමකට ගහන්න..."

"මන් ඕක බලල තියනව...."

කුකීගෙන් බේරෙන්න බැරිම තැන යුන්හි අන්තිම තුරුම්පුවත් ගැහුවත් කුකී ඒකට රැවටුන පාටක් නම් පෙනුනෙ නෑ...

"ආහ් ඇත්තද? එහෙනම් ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියනවකෝ..."
කුකී කිව්වෙ කට කොනින් හිනා වෙන ගමන්...

"වෙන්නෙ කියන්නෙ ඉතින් හොල්මනක් ඉන්නව..එයා එනව යනව.."

යුන්හි කිව්වෙ කුකීගෙ මූන දිහා නොබලා වටපිට බලන ගමන්....ඒකට කුකියි, ජිමිනුයි , මායි හිනා වුනත් හොබී ඔප්පනම් හිනා වුනේ නෑ....
හැබැයි ඊලගට වුන දේ නිසා මගෙ හිනාව නැති වෙලා ගියා...

ඒ මොකද්ද වුනේ!!!

හිනාවෙවී ඉන්න ගමන් කුකී යුන්හිගෙ කම්මුලක් මිරිකද්දි වටේටම රවන ගමන් හිටපු යුන්හි රතු වුනා.හැබැයි වෙනදා වගේ තරහට නම් නෙමෙයි.
බිම බලාගෙන මුකුත් නොකියා ලැජ්ජාවෙන් හිනා වෙන යුන්හි දිහා මන් කටත් ඇරන් බලන් හිටියෙ..
ජිමින් නම් තාම හිනා වෙනව...එයා ඒක දැක්කෙ නැද්ද එතකොට?

'හිනා වෙද්දි ඇස් පේන්නෙ නැති හින්දා වෙන්නැති මයෙ හිතේ..'

මන් හිතපු දේට මන්ම ඔව් කියල ඔලුව වනන ගමන් බැලුවෙ හොබී ඔප්පා දිහා.
එයත් බලාගත්තු අත බලාගෙන ඉන්නව..
මන් ඒ දිහා බලන් ඉද්දි තමා මතක් වුනේ හොබී ඔප්පා ඔක්කොටම වඩා බයයි නේද කියල...ඒක තමා මේ මූන තැලිච්ච සැමන් ටින් එකක් වගේ වෙලා තියෙන්නෙ.

AGAIN || PJM (ONGOING)Where stories live. Discover now