"වාහ්...හොබී හ්යොන්ග්..."
කටත් ඇරගෙන හොබී ඔප්පගෙ මුකුලුව දිහා බලන් හිටපු මන් ජිමින්ගෙ කටහඬට ඒ පැත්ත බලද්දි එයා කට පුරා හිනා වීගෙන ඉන්නව...
"ඒරා...අපි මොකද කරන්නෙ දැන්..."
"හොබී හ්යොන්ග්ගෙ හිනාව බලන්නකො ...මන් පස්සෙ අල්ලගන්නම්කෝ..."
"යුන්හි එහෙම දන්නවද දන්නෙත් නෑ..."
ජිමින් හිනාවීගෙනම කිව්වත් මට ඒ දේවල් වල සිහියක් තිබුනෙ නෑ....මගෙ ඇස් තිබුනේ සීට් එකෙනුත් බාගෙට නැමිලා මගේ පැත්තට බර වෙලා මූන ලඟින්ම ශටර් එකෙන් එලිය බලන් ඉන්න ජිමින්ගෙ හීනි වුන ඇස් වල...සැරෙන් සැරේ දිවෙන් තොල් තෙත් කරන ගමන් බෙල්ලත් හරව හරව එයා හරි අවදානෙන් ඒ දිහා බලන් ඉන්නෙ....
"මේ වැඩෙත් මරු නේ?"
"ආහ්?.."
"මන් මෙහෙම ඉන්න එක.."
"මොකද්ද..."
"නෑ මෙහෙම ඉද්දි මගේ දිහා බලන් ඉන්න පුලුවන්නෙ..."
ජිමින් මන් දිහා නොබලම කියද්දි මන් හිටියෙ බීරි මනුස්සයෙක් ගානට...'මොන ලැජ්ජාවක්ද දෙයියනේ මේ..'
එහෙම හිතන ගමන් මන් ඇස් වටේ කරකන්න ගද්දි ජිමින් මගේ දිහාට හැරුනා...
"දවසම මෙහෙම ඉමුද?.."
"විකාරද?..."
"මට කෙසේවෙතත් ඔයාට නම් විකාර වෙලා කියල පේනව මට..."
"අනේ ජිමින් පිස්සු කියවන්නෙ නැතුව ඉන්න..."
"මාව නොදැක හිටපු කාලෙට මන් එච්චර ලස්සන වෙලාද?...ම්ම්"
"වෙනසක් නෑ තාරාවා තාරාවම තමයි..."
මන් ලැජ්ජාව වහගන්න එහෙම කිව්වත් ජිමින් නම් මට රවන ගමන් මගෙන් ඈත් වෙලා සීට් එකට ඔලුව බර කරගත්තා...
'අපෝ අපරාදේ ..තව ටිකක් එහෙම ඉන්න තිබ්බා...'
සිද්ධ වුන ලැජ්ජ නැති වැඩේට කම්මුල් රත් වෙලා වගේ දැනුනත් මට දුක හිතුනා එයා මගෙන් ඈත් වුන එකට...මට හරි ලෝබයි ඉතින්...
ඒ සිතුවිල්ලෙන්ම මන් පාර්ක් එක දිහා බැලුවත් හොබී ඔප්පා පේන්න හිටියෙ නෑ..කලබල වුන මන් ජිමින්ගෙ අතට තට්ටු කරද්දි ජිමිනුත් මගේ දිහාට හැරුනෙ ඇයි අහන්න වගේ...

YOU ARE READING
AGAIN || PJM (ONGOING)
Fanfiction"එයා...එයා ආයෙමත්...." ආයෙත් දකින්න ඕනි නෑ කියල හිතුවත් හිත ඉල්ලන්නෙම ඒ හිනාවෙන ඇස් දෙක...කොහොම අමතක කරන්නද කාලයක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු 'මගෙ මිමී'.......🥀🥺 Started - 2022.03.15