"ඔයාට ජොබ් එකක් ඕනනම් මට කියන්න තිබුනා ජන්ග්කුක්! එහෙනම් ඩෑඩ් ගෙ කම්පැනි එකෙක් ඉන්නෙ කෙනෙක් අස් කරල හරි මම වේකන්සි එකක් අරන් දෙනව ඔයාට!"රෙබෙකා හිටියේ ජන්ග්කුක් එක්ක එයාලගෙ උඩු මහලෙ බැල්කනි එකේ.. ජන්ග්කුක් සෝල් විශ්වවිද්‍යාලෙ චිත්‍ර උගන්නන්න යනව කියන ආරංචිය ආව ගමන් රෙබෙකා ජන්ග්කුක් ව හොයාගන ආවා..
ඔව්.. ටේහ්‍යුන් නිසා තමයි ජන්ග්කුක් ට මේ අවස්ථාවත් ලැබුනෙ.. ඒත් ඇත්තටම ටේහ්‍යුන් කලේ උපකුලපතිට ජන්ග්කුක් ගැන කිව්ව එක විතරයි.. ජන්ග්කුක් ගෙ සුදුසුකම් ඕනාවටත් වැඩි වගේම elysian ප්‍රදර්ශනේදි වැඩිම මිලකට විකිණුනු චිත්රයෙ අයිතිකාරයත් ජන්ග්කුක් වීම මේ අවස්ථාව ජන්ග්කුක් ට හිමිවෙන්න ලොකු හේතුවක් උනා..
"මට හිඟමන් ඕන නෑ රෙබෙකා.. අනික ඔයාගෙ තාත්තගෙ ඔෆිස් එකේ චිත්‍ර අදින මිනිස්සුන්ට කරන්න දෙයක් නෑනෙ"
ජන්ග්කුක් අහක බලාගන එහෙම කිව්වාම රෙබෙකා පුදුමෙන් ලොකු උන ඇස් වලින් ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් මෙච්චර කාලෙකට රෙබෙකා ට මේ විදියට කතා කරල නොතිබ්බ නිසා ජන්ග්කුක් ගෙ හැසිරීම රෙබෙකා ව කලබල කලා..
"හිඟමන්?? හහ්.. ඔයා දන්නවද අපේ කම්පැනි එකේ වැඩට එන්න එලියෙ කීදෙනෙක් පෝලිමේ ඉන්නවද කියල?"
රෙබෙකා ඒක කිව්වෙ උස් හඩකින්.. තමන්ගෙ ඇති හැකියාව ගැන කියවන්න රෙබෙකා කොහොමටත් ආස කරන බව ජන්ග්කුක් දැනගන හිටියා..
"ඉතින් ඒ පෝලිමේ ඉන්න කෙනෙක්ට අවස්තාව දෙන්න."
ජන්ග්කුක් කිසිම ගානක් නැතුව එහෙම කියද්දි රෙබෙකා කේන්තියෙන් රතුවුනා.. අතේ තිබ්බ රතු පාට බෑග් එකත් පොලේ ගහන ගමන් රෙබෙකා ඉදගන හිටපු තැනින් නැගිට්ටෙ කේන්තියෙන් පුපුරන ගමන්..
"ඒ කියන්නෙ ඔයා හෙට ඉදන් කැම්පස් එකේ ඉන්න පොඩි උන්ට උගන්නන්න යනව??"
"දොලොස් වෙනි වතාවටත් මම ඒක ඔයාට කියන්න ඕනද? එහෙනම් අහගන්නකො.. ඔව් මම හෙට ඉදන් කැම්පස් ලමයින්ට චිත්‍ර උගන්නන්න යනව!"
රෙබෙකා දත් මිටි කන ගමන් ජන්ග්කුක් දිහා බලාගන ඉදල බිම වැටුන බෑග් එකත් අරගන බැල්කනි එකෙන් පහලට යද්දි ජන්ග්කුක් බර හුස්මක් පහලට දාලා තමන්ගෙ කෝපි එක රසවිදින්න ගත්තා.. ජන්ග්කුක් මේ විදියට හැසිරෙන කෙනෙක් නොවුනත් ජන්ග්කුක් ට ඕන උනා ඒ විදිය උත්සහ කරල බලන්න.. ප්‍රශ්න ගනන් නොගෙන ඉන්න, දේවල් මතක නෑ වගේ ඉන්න ජන්ග්කුක් උත්සහ කලා.. ඒ විදිය හොදයි කියල ජන්ග්කුක් ට හිතුනා..
![](https://img.wattpad.com/cover/297229833-288-k933819.jpg)
YOU ARE READING
VOLCANO✔️
FanfictionI love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සියල්ල අහිමි වූ පසුත් අත්නොහල තැනයි🍂 Start- 08/03/2022 End- 07/05/2022