Final chapter ~

3.3K 434 379
                                    

ටේහ්‍යුන් හිටියේ ශවර් එක යට. එයාට පිරිසිදු වෙන්න ඕන උනා.. රෙබෙකා ගෙ අපිරිසිදු ලේ ටේහ්‍යුන් ගෙ අත්වල ගෑවිලා තියනවට එයා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.. ටේහ්‍යුන් හිනාවෙන්න ගත්තා..මොකද එයාට දැනුනා එයා කලේ එයාට මේ තරම් කාලයක් කරන්න ඕන වෙලා තිබ්බ දේ කියල. එයාට දැනුනා එයාට කරන්න ඕන වෙලා තිබ්බෙ මේ දේ කියල.

රෙබෙකා තාමත් හිටියේ ටේහ්‍යුන් ගෙ ගෙදර සාලේ. කාපට් එක ලේ වලට පෙගිලා කලු පාට වෙද්දි රෙබෙකා යන්තමට පණ අදින ගමන් හිටියා.. ටේහ්‍යුන් පිරිසිදු වෙලා ආපහු පහලට ආවා.. එයා උඩ පඩියක ඉදන් රෙබෙකා දිහා ටික වෙලාවක් බලාගන ඉදලා හිනාවෙවී ම පහලට ආවා.. ඒ වෙද්දිත් රෙබෙකා හිටියේ ඇස් ඇරගන. අක්‍රමවත්ව වැටෙන හුස්ම යන්තමට අල්ලගන්න පොරබදින ගමන් රෙබෙලා ලේ විලක් මැද ඔහෙ වැටිලා හිටියා..

"සුභ ගමන් රෙබෙකා.."

ටේහ්‍යුන් රෙබෙකා ගෙ මූනට එබිලා එහෙම කියල හිනාවුනා. රෙබෙකා හිටියේ එයාගෙ අන්තිම හුස්ම ටික ලඟ තියාගන්න ලොකු උත්සහයක් ගන්න ගමන් උනාට ඒකෙන් ටේහ්‍යුන් ගෙ මූනෙ තිබ්බ ඉරියව්, හැගීම් පොඩ්ඩක්වත් වෙනස් උනේ නෑ.. ටේහ්‍යුන් රෙබෙකා දිහා බලාගන හිනාවෙලා ගෙදරින් එලියට බැස්සා..

ටේහ්‍යුන් ගෙ හිත තිබ්බෙ ලොකු නිදහස් හැගීමක. මනුස්සයෙක් ව මරපු කෙනෙක් ට කවදාවත් දැනෙන්නැති නිදහස් හැගීමක් ටේහ්‍යුන් ට දැනුනා.. ටේහ්‍යුන් එයාගෙ ගෙදර එලියෙන් අඟුලු දාලා යතුර අතට ගත්තා.. ඊටපස්සෙ ටේහ්‍යුන් ගියේ එයාගෙ සුදු පාට කැමේලියා මල් ගහ ගාවට.

ටේහ්‍යුන් ඒ මල් ගහ දිහා ටික වෙලාවක් බලාගන හිටියා..ටේහ්‍යුන් ගෙ මුනෙ යන්තමට ඇදුන හිනාවක් එක්ක ටේහ්‍යුන් සුදු පාට කැමේලියා මලක් කඩලා අතට ගත්තා..

"මගේ වීනස්..."

ටේහ්‍යුන් ඒ මල දිහා බලාගන හිමීට මිමිනුවා.. ටේහ්‍යුන් ගෙ මූනෙ කලින් ඇදුන හිනාව තප්පරේකටවත් ඒ මූනෙන් මේ වෙනකල්ම මැකිලා ගියෙ නෑ.. ඒක අස්වාභාවික වුනාට ඒක ඒ විදියටම ඒ මූනෙ ඇදිලා තිබ්බා..

ටේහ්‍යුන් කැමේලියා මලත් අතට අරගන එයාගෙ කාර් එකට ගියා.. දුර ගමනක් යන්න හිතාගන
.
.
.
.
.
.
.

VOLCANO✔️Where stories live. Discover now