21st~

1.2K 307 40
                                    

ටේහ්‍යුන් හිටියෙ තමන්ගෙ ගෙදර සාලෙ බිම. ජන්ග්කුක් ගිය වෙලාවෙ ඉදන් පැය ගානක් එකම තැන එකම විදියට ටේහ්‍යුන් ඉදගන හිටියා.. ඒ ඇස් ජන්ග්කුක් වෙනුවෙන්, නෑ තමන් වෙනුවෙන් ඉපදුන කදුලු තිබ්බා වගේම ටේහ්‍යුන්ගෙ හිත මේ වෙද්දි මාරාන්තික විදියට රිදිලා තිබුනා..

ටේහ්‍යුන් කල්පනා කලා.. ඒත් කිසිම දෙයක් කල්පනා වෙන්න තරම් ටේහ්‍යුන්ගෙ මනස නිරවුල් උනෙ නෑ.. පැය ගානක නිසොල්මන් හැගීමකට පස්සෙ ටේහ්‍යුන් වැටිලා හිටපු තැනින් නැගිට්ටා.. හතර වටේම කලුවර වෙලා තියෙද්දි කමිසයක් ඇදගත්ත ටේහ්‍යුන් කාර් එකේ යතුරත් අරගන ගෙදරින් එලියට බැස්සා..

ඒත් තමන්ගෙ වත්තෙ තවමත් නවත්තලා තියන ජන්ග්කුක් ගෙ කාර් එක දකින්න තරම් ටේහ්‍යුන් පෙනීම සූක්ශම උනේ නෑ..

<>

"උබ ඒ අහිංසකයව පන්නල දැම්මද ටේහ්‍යුන්?"

ජිමින් ටේහ්‍යුන් දිහාට හැරිලා කෑගැහුවත් ටේහ්‍යුන් හිටියෙ එයාගෙ බියර් මග් එකට වැටිලා.. ජිමින් වෙනදට එන බාර් එකට නැතුව ටේහ්‍යුන් ව වෙන තැනකට එක්කගන ආවේ යුන්ගි ඉන්න තැන ජිමින් ට ටේහ්‍යුන් ගෙ ප්‍රශ්න කතා කරන්න අපහසුවක් දැනුන නිසා..

"ටේහ්‍යුන්!! "

ජිමින් ටිකක් සද්දෙට ආයෙම කතා කලාම ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවා.. ටේහ්‍යුන් ගෙ මූන රතුවෙලා තිබුනා.. ඇල්කොහොල් වල සැරට ඇස් බාගෙට පියවෙලා තියෙද්දි ඒ ඇස් කදුලු වලින් දිලිසෙනව ජිමින් හොදටම දැක්කා..

ටේහ්‍යුන් මොනවත්ම කිව්වෙ නෑ.. ටේහ්‍යුන් ට කියන්න දෙයක් තිබුනෙත් නෑ.. ජිමින් දිහා ඔහේ බලාගන හිටපු ටේහ්‍යුන් අතේ තිබ්බ බියර් මග් එක එක හුස්මට බීලා ආයෙම මේසෙට කඩාගන වැටුනා..

"ටේ!! ටේ නැගිටිනවා! ඔහොම ප්‍රශ්න විසදන්න බෑ!"

ජිමින් ටේහ්‍යුන් ව ආයෙම නැගිට්ටවල පුටුවට හේත්තු කලාම ටේහ්‍යුන් ඇස් පියාගන ටික වෙලාවක් හිටියා.. ඒ පියවුනු ඇස් වලින් වැටුන කදුලි බින්දුවක් කම්මුල දිගේ පහලට ගලද්දි ජිමින් කලකිරුනු බර හුස්මක් ගත්තා..

VOLCANO✔️Where stories live. Discover now