26th~

1.3K 333 32
                                    

ටේහ්‍යුන් ගෙ සද්දෙත් එක්ක හදිසි ප්‍රතිකාර ඒකකේ ළඟ හිටපු ජන්ග්කුක් ගෙ අම්මයි තාත්තයි දෙන්නම් ටේහ්‍යුන් දිහා බැලුවේ ටේහ්‍යුන් එතනම ගල් වෙලා වගේ බලාගන ඉද්දි.. ජන්ග්කුක් ගෙ අම්මගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා වගේම ජන්ග්කුක් ගෙ තාත්තා ටේහ්‍යුන් දිහා බලාගන හිටියෙ අමුතුම බැල්මකින්.

"ආයෙත් ආවද! ලැජ්ජ නැතුව ආයෙත් ආවද පව්කාරයා!"

කොහෙන්දෝ ඉදලා ආව රෙබෙකා ටේහ්‍යුන් ගෙ ඇගට ලඩාගන පනිද්දි ටේහ්‍යුන් කිසිම හැල හොල්මනක් නැතුව ඔහේ බලාගන හිටියා..රෙබෙකා ගෙ සද්දෙත් එක්ක වටපිටේ හිටපු හැමෝම ටේහ්‍යුන් දිහා බලද්දි ජිමින් කොහොමහරි රෙබෙකා ව ටේහ්‍යුන් ගෙ ඇගෙන් අයින් කලා.. රෙබෙකා ඕනාවට වඩා දගලනවා කියල ජිමින් ට තේරුනත් මේ වෙලාවෙ බලාගන ඉන්නව ඇරෙන්න කාටවත් වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ..

"රෙබෙකා.. මේක හොස්පිටල් එකක්. හැසිරෙන්න දන්නැද්ද!"

ජිමින් රෙබෙකාට විතරක් ඇහෙන ගානට එහෙම කිව්වාම රෙබෙකා ජිමින් දිහාට හිතාගන්න බැරි තරම් නපුරු බැල්මක් දැම්මා..

"ඇයි ලැජ්ජද? තමුසෙගෙ යාලුවා ලැජ්ජ නැති වැඩ කරද්දි ඔය ලැජ්ජාව කොහෙද තිබ්බේ"

රෙබෙකා ගෙ කටේ සද්දෙන් මුලු හොස්පිටල් එකම පිරිලා ගිහින් තිබුනා. තවත් රෙබෙකා ගෙ කියවිල්ල අහගන ඉන්න උවමනාවක් නැති තැන ටේහ්‍යුන් රෙබෙකාව තල්ලු කරගන ජන්ග්කුක් ගෙ දෙමව්පියෝ ඉන්න පැත්තට ඇවිදගන ගියා.. ටේහ්‍යුන් ගෙ මූන දිහා කෙලින්ම බලපු මිස්ටර් ජොන් ආයෙම අහක බලාගත්තේ මේ වෙද්දිත් ඕනාවටත් වඩා දේවල් ඒ අයට කියල තිබුන නිසා..

ටේහ්‍යුන් හිටියෙ මුලු ඇගම තිබ්බෙ ජන්ග්කුක් ගෙ ලේ වලින් නෑවිලා.. ජන්ග්කුක් ගෙ අම්මා ටේහ්‍යුන් දිහා කදුලු පිරුන ඇස් වලින් බලල ආයෙම බිම බලාගත්තේ වචනයක්වත් කියන්න පණක් තිබ්බෙ නැති නිසා..

"ජ්-ජන්ග්කුක් ට ලේ ඕන කිව්වා.. මම- මම ජිමින් ව එක්කන් ආවෙ එයත්-එයත් ජන්ග්කුක් ගෙ ලේ වර්ගෙමයි ඉතින්-"

"මම ජන්ග්කුක් ගෙ තාත්තා.. මට තියෙන්නෙත් ජන්ග්කුක් ගෙ ලේ වර්ගෙමයි. ඔය ලමයා කලබල වෙන්නෙපා"

VOLCANO✔️Where stories live. Discover now