"ජන්ග්කුක් ඔහොම නතර වෙන්න.. ජන්ග්කුක්!!"
ටේහ්‍යුන් බැරිම තැන ජන්ග්කුක් ගෙ අතෙන් ඇදල ජන්ග්කුක් ව නතර කලා.. දවස් ගානක හැගීම් කදුලු වෙලා ජන්ග්කුක් ගෙ ඇස් වලින් කඩාගන වැටෙද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත තදින් මිරිකගන ඒ මූන දිහා බලාගන හිටියෙ අදුරෙ උනත් ඒ කදුලු කැට වැටෙන බෝල ඇස් දිලිසෙන්න ගත්ත නිසා..
"ම්..මට යන්න දෙන්න..ම්හ්ම්...මාව අතාරින්න ටේහ්‍යුන් !"
ජන්ග්කුක් තමන්ගෙ අත ඒ මේ අතට කරකවන ගමන් ටේහ්‍යුන් ගෙන් ගලවගන්න හැදුවත් ඒක කරගන්න ජන්ග්කුක් ට බැරිවුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත තදින් අල්ලගන හිටියා.. ජන්ග්කුක් ට ගලවගන්න ඕන උනත් ගලවගන්න බැරි තරම් තදට..
"ඔ..ඔයා මට රිද්දනව ටේහ්‍යුන් "
ජන්ග්කුක් කිව්වාම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත ටිකක් ලිහිල් කලත් ඒ අත අතාරින්න ටේහ්‍යුන් උත්සහ කලේ නෑ..
"මොකද්ද ප්‍රශ්නෙ ජන්ග්කුක් ?"
"කිසිම ප්‍රශ්නයක් නෑ ටේහ්‍යුන් .. මට.. මට ඔයා එක්ක කතාවක් නෑ"
ජන්ග්කුක් ඉකි බිදුම් මැද්දෙන් එහෙම කියද්දි ටේහ්‍යුන් වටපිට බැලුවෙ කවුරුහරි ඔවුන් දිහා බලන් ඉන්නවද කියල බලන්න.. ඔවුන් දෙන්නා කාගෙවත් අවදානෙට තාම ලක් නොවුනත් ශාලාවෙන් එලියෙත් මිනිස්සු ගැවසෙන නිසා තවත් මෙතන ඉදල හැමෝටම විහිලුවක් වෙන්න ටේහ්‍යුන් ට ඕන උනෙ නෑ..
"මෙහෙ එන්න.."
ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙ අතෙන් අල්ලගෙන යන්න හදනකොට ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් තමන්ගෙ අත උදුරල ගත්තා..
"මට පාඩුවෙ ඉන්න දෙන්න ටේහ්‍යුන් !"
"කිව්වම අහල එනව යන්න ජන්ග්කුක්!!"
ටේහ්‍යුන් ගෙ ඇස් වල තිබ්බෙ මීට කලින් කවදාවත් ජන්ග්කුක් දැකල නැති ජාතියෙ රෞද්‍ර බැල්මක්.. ටේහ්‍යුන් ගෙ හීනි ඇස් රතුවෙලා තියන විදිය දැක්ක ජන්ග්කුක් තවත් මොකුත්ම නොකියා නිශ්ශබ්ද උනා.. ටේහ්‍යුන් කේන්තිය පාලනය කරගන්න ලොකු හුස්මක් පහලට දාන ගමන් ජන්ග්කුක් ගෙ අත තදුන් මිරිකගෙන සාදය තිබ්බ ශාලාව පහු කරගන හෝටලයෙ පිටුපස අංගනේ පැත්තට ඇවිදගන ගියා..
![](https://img.wattpad.com/cover/297229833-288-k933819.jpg)
YOU ARE READING
VOLCANO✔️
FanfictionI love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සියල්ල අහිමි වූ පසුත් අත්නොහල තැනයි🍂 Start- 08/03/2022 End- 07/05/2022