ජන්ග්කුක් හිටියෙ රෝහලේ ඇදේ.. තමන් තමන්ටම රිද්දගන්න තැනට ටේහ්‍යුන් තමන්ව පත් කරල තිබුන මොහොතකත් ජන්ග්කුක් ටේහ්‍යුන් ට ආදරේ කරමින් හිටියා.. ජන්ග්කුක් ගෙ ඔලුවෙ වැඩකරපු එකම දේ, එකම කෙනා උනේ ටේහ්‍යුන්.. ඔලුවෙ පැල්ම ළඟින් හිරිවැටිලා යන වේදනාවක් එද්දි ජන්ග්කුක් ඔහේ රෝහලේ සිවිලිමේ කැරකෙන ෆෑන් එක දිහා බලාගන හිටියා..
ජන්ග්කුක් හිතුවා ටේහ්‍යුන් එකපාරක් හරි එයාව බලන්න එයි කියල.. ජන්ග්කුක් දවස ගෙව්වෙ ඒ බලාපොරොත්තුවෙන්. ඒත් දවසින් දවස ගෙවුනෙ ජන්ග්කුක් ගෙ හිතේ ඒ ඇදෙන බලාපොරොත්තුවෙ ජවයත් ටික ටික නැති කරල. ටේහ්‍යුන් ගැන හිතලම ජන්ග්කුක් හෙම්බත් වෙලා හිටියා..
හැගීම් කියන්න කෙනෙක් නැතිවෙද්දි ජන්ග්කුක් ඇඩුවා.. කාටවත්ම නොපෙනෙන්න ජන්ග්කුක් රෑ පුරාම ඇඩුවා. උදේට නැගිටිනකොට එන දරුනු හිසේ කැක්කුම ගැන නොතකාම ජන්ග්කුක් ඇඩුවා..
ජන්ග්කුක් රෙබෙකා තමන්ව බලන්න එක එකට පොඩ්ඩක්වත් අකමැති උනත් එයාට ඒක පාලනය කරන්න විදියක් තිබ්බෙ නෑ. හැමෝම හිතුවෙ ජන්ග්කුක් ගෙ අනියම් පෙම්වතිය නිසා ජන්ග්කුක්ට මේ දේ උනා කියල.
රෙබෙකා දේවල් විරුද්ද අතට හරි දැනගනත් ජන්ග්කුක් ව බලන්න එන එක ගැන ජන්ග්කුක් ට වරදකාරී හැගීමක් දැනුනා උනත් ජන්ග්කුක් ඒ ගැන හිතන්න ගියේ නෑ..
ටේහ්‍යුන් එදා කිව්ව දේවල් , රෙබෙකා ගැන කියවුණු දේවල් ටේහ්‍යුන් ගෙ කටෙන්ම පිලිගෙනත් ජන්ග්කුක් ගෙ හිත ඒක පිලිගන්න ලෑස්ති වුනේ නෑ.. ඒත් මේ වෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ට ආදරේ කරමින්ම වෛර කරන්න අරන් තිබුනා..තමන් ට උන දේ ගැන දැන දැනත්, තමන්ට සලකපු විදිය ගැන ටේහ්‍යුන් ට පසුතැවීමක් නැති එක ගැන ටේහ්‍යුන් තමන් ව බලන්නවත් නාව එක ගැන ජන්ග්කුක් ගේ හිතේ තිබ්බෙ කලකිරීමක් එක්ක ලොකු වෛරයක් . ඒත් ඒ වෛරයට බැරිවුනා ජන්ග්කුක් ගෙ හිතේ ටේහ්‍යුන් වෙනුවෙන් ඉපදුන ආදරේ මරල දාන්න..
වෛර කරමින් ආදරේ කිරීම කියන දේ ජන්ග්කුක් මේ වෙද්දි කරමින් හිටියා..
දවසින් දවස බලාපොරොත්තු නැතිවෙද්දි ජන්ග්කුක් ට දැනුනෙ කලකිරීමක්.. ටේහ්‍යුන් ට තමන් ආදරේ කලේ එකම එක දෙයක් විතරක් ආපිටට බලාපොරොත්තුවෙන් . ඒ තමයි ටේහ්‍යුන් ගෙන් පෙරලා ලැබෙන ආදරේ. ඒ දේවත් ටේහ්‍යුන්ගෙන් නොලැබෙද්දි ජන්ග්කුක් ගෙ මුලු ආත්මෙම කලකිරීම කියන හැඟීමෙන් ගිලුනා..
YOU ARE READING
VOLCANO✔️
FanfictionI love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සියල්ල අහිමි වූ පසුත් අත්නොහල තැනයි🍂 Start- 08/03/2022 End- 07/05/2022