"නෑ ජන්ග්කුක්!! මට බෑ!! මට බෑ ඔලී නැතුව ඉන්න"
මේසෙ උඩ තිබුන බඩු මුට්ටු සේරම ටේහ්‍යුන් අතින් බිම වැටිලා කෑලි කෑලි වෙද්දි ජන්ග්කුක් ට කරන්න පුලුවන් උනේ ටේහ්‍යුන් ලගට වෙලා ඉදගන ඉන්න එක විතරයි..
කවදාවත් නැති විදියට තමන්ගේ හොදම යාලුවා අසරණ වෙලා ඉද්දි ජන්ග්කුක් ට ඒකට කිසිම විදියකින් සහනයක් වෙන්න බැරිවුනා.. ජන්ග්කුක් ට හිතාගන්න බැරිවුනා සිද්දවෙලා තියන දේත් එක්ක ටේහ්‍යුන් ගෙ හිත හදන්න නම් තමන් මොනාද කරන්න ඕන කියන එක..
"ජන්ග්කුක්! ඇයි බන්.. ඇයි එයා එහෙම කලේ"
ටේහ්‍යුන් ආයෙම කදුලු පිරිලා රතු වුන ඇස් වලින් ජන්ග්කුක් දිහා බලාගන එහෙම අහද්දි ජන්ග්කුක් ට පුලුවන් උනේ ටේහ්‍යුන් ව සනසන්න පිටට තට්ටු කරන එක විතරයි..
"ටේහ්‍යුන්.. අපි බලමු.. තාම ඩොකියුමන්ට්ස් ආවෙ නෑනෙ"
ජන්ග්කුක් කිව්ව දෙයින් ටේහ්‍යුන් ගෙ හිත නොහැදෙන බව ජන්ග්කුක් දැනගන හිටියත් ජන්ග්කුක් ට වෙන කියන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ..
ටේහ්‍යුන් ආයෙම අලුත් වොඩ්කා බෝතලයක් කඩලා වීදුරුවට පුරවගනිද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලලා ටේහ්‍යුන් ව නතර කලා..
"ඔය ඇති ටේහ්‍යුන් !දැන් ඔයා නිදාගන්න ඕන.. මටත් පරක්කුයි දැන්"
ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා මත්වෙලා රතු උන මූනෙන් බලල ඉක්කා ගහන්න ගත්තා.. අතේ තිබ්බෙ වොඩ්කා වීදුරුව එහෙමම තියෙද්දි ටේහ්‍යුන් ආයෙම මේසෙට කඩාගන වැටුනම ජන්ග්කුක් කලේ කලකිරුනු හුස්මක් අරන් පහලට දාපු එක.
ටේහ්‍යුන් වත් වත්තම් කරගන කොහොමහරි කාමරේට ගිය ජන්ග්කුක් තමන්ගෙ හොදම යාලුවව ඇදට දාලා ටික වෙලාවක් බලාගන හිටියා.. නින්දෙන්ම ඉක්කා ගහන ටේහ්‍යුන් ගෙ ඇස් අග තාමත් නොවියලුන කදුලු බිංදු දෙකක් තියන දැකපු ජන්ග්කුක් ට ඇත්තටම ටේහ්‍යුන් ගැන දුක හිතුනා..
ටේහ්‍යුන් ගෙ සපත්තු ගලවල ටයි පටිය බුරුල් කරපු ජන්ග්කුක් ටේහ්‍යුන් ට ඇද රෙද්දක් පෙරෙව්වා.. ටික වෙලාවක් නින්දෙන්ම ඉකිගහන ටේහ්‍යුන් දිහා බලාගන හිටපු ජන්ග්කුක් ටත් නොදැනිම ජන්ග්කුක් ගෙ අත් ටේහ්‍යුන් ගෙ සිනිදු කෙස් අතරෙ එහෙ මෙහ ගියා..
"හොදට නිදාගන්න.. හැමදේම විසදෙයි"
ජන්ග්කුක් හිමීට මුමුණලා ටේහ්‍යුන් ළඟින් නැගිට්ටා..තමන්ට කරන්න පුලුවන් එකම දේ මොකුත් නොකර ඉන්න එක කියල ජන්ග්කුක් ට තේරෙද්දි ජන්ග්කුක් එහෙමම හැරිලා ටේහ්‍යුන් ගෙ ගෙදරින් එලියට ආවෙ විවාහ ජීවිතේ,ආදරේ වගේම ගැහැණිය කියන මාතෘකා තුනම ගැන ඇතිවුන අසීමාන්තික කලකිරීමකින්..
_______________________________________මගේ දෙවනි taekook කතාව..
Volcano එක්කම update කරන්න හිතාගන ඉන්නෙ. ඒත් slow update..
ඔලුවට එන ඔක්කොම දීගන දීගන යන්න හිතුවා..
[හොබා ගෙ GxB එකකුත් දෙන්න හිතාගන ඉන්නේo_O]
කියවල හොද නරක කියන්න..🙂o_O
මට මෙයාගෙ නහය කන්න ඕනේ🙂🥺🤧
YOU ARE READING
One last time✔️
Romance"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්යුන්.."