one last time

1.4K 274 87
                                    

"ජන්ග්කුක්...ඔයා කොහෙද?"

ටේහ්‍යුන් එයාගෙ උඩු කබාය අදින ගමන්  සාලෙට එද්දි ජන්ග්කුක් හිටියෙ ඒප්‍රන් එකල් ඇදගන කුස්සියේ..

"මම මෙහෙ"

ජන්ග්කුක් කුස්සියෙ ඉදන් කෑගහනකොට ටේහ්‍යුන් හිනාවෙලා ඒ පැත්තට ගිහින් කුස්සියෙ බැම්ම උඩින් ඉදගන ජන්ග්කුක් කප කප හිටිය කැරට් කෑල්ලක් අරගන කටේ දාගත්තා..

"වැඩට යන්නැද්ද?"

"අද නිවාඩු"

ජන්ග්කුක් එහෙම කියල ආයෙම එයාගෙ වැඩේට අවදානෙ දුන්නෙ ටේහ්‍යුන් ව ගනන් ගන්නෙ නැතුව..

"හෑ... නිවාඩු? මට කිව්වෙ නෑනෙ"

ටේහ්‍යුන් එහෙම කියල නැගල හිටිය බැම්මෙන් බැහැලා ජන්ග්කුක් ගෙ පස්සෙන් ආවා..

"ඔව් කිව්වෙ නෑ තමා"

"ඇයි ඒ කිව්වෙ නැත්තෙ ආහ්? ඇයි ඒ කිව්වෙ නැත්තේ!!"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඉන දිගේ ඇගිලි එහෙ මෙහෙ ගෙනියං ගමන් ජන්ග්කුක් ට කුචි කවන්න ගත්තෙ ජන්ග්කුක් මහ හයියෙන් හිනාවෙවී දගලද්දි..

"එ-එපා හ්‍යුන්! යාහ්-අ-අතාරිනවා මාව"

බැරිම තැන අතේ තිබ්බ හැන්දෙන් ටේහ්‍යුන් ගෙ ඔලුවට රිදෙන්න පාරක් ගහපු ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් ගැලවුනේ ටේහ්‍යුන් මූනත් දෙක කරගන ඔලුව අතගාන ගමන් පස්සට වෙද්දි..

"ඒක රිදුනා!"

"රිදෙන්න තමා ගැහුවෙ! "

"දැන් ඇයි කියනව මට කිව්වෙ නැත්තෙ අද නිවාඩු කියල?"

"ඇයි මම ඔයාට කියන්න ඕන?"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගනන් නොගෙන එහෙම කියද්දි ටේහ්‍යුන් ඇහිබැමක් උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා..

"කියන්න ඕන ඇයි? කිව්වනම් මාත් නිවාඩුවක් ගන්නව!"

"ඒක් තමා නොකිව්වෙ"

ජන්ග්කුක් එහෙම කියන ගමන් හද හද හිටපු කෑම එකෙන් පොඩ්ඩක් ටේහ්‍යුන් ගෙ කටට දැම්මාම ටේහ්‍යුන් පොඩි එකෙක් වගේ කට ඇරලා ඒ ටික කටේ පුරවගත්තා..

"රසයි.. ඒ කියන්නෙ මම ගෙදර ඉන්නවට ඔය මහත්තයා කැමති නෑ?"

ටේහ්‍යුන් එහෙම ඇහුවත් ජන්ග්කුක් ඒකට උත්තර නොදී ආයෙම එයාගෙ වැඩේ කරන්න පටන් ගත්තෙ ටේහ්‍යුන් ගෙ හිත ටිකක් රිද්දලා..

One last time✔️Where stories live. Discover now