seventh time

874 206 10
                                    

"ඔලී?"

ටේහ්‍යුන් ගෙ කටහඩ බාල වෙලා තිබ්බා. ටේහ්‍යුන් ගෙ ඉස්සරහ හිටපු ඔලී ටේහ්‍යුන් ව දැකල ගැස්සුනත් ටේහ්‍යුන් ගෙ ඇගට වාරුවෙල ඉන්න ජන්ග්කුක් ව දැක්කාම තවත් ගැස්සුනා. ඔලිවියා එයාගෙ බද වගේ එතිලා තිබ්බ පීටර් ගෙ අත අයින් කලේ එයාටම දැනුන වරදකාරී හැගීම නිසා..

"ට්-ටේහ්‍යුන්?"

ටේහ්‍යුන් ගෙ ඇස් ඔලිවියා ගෙන් අහකට ගිහින් පීටර් ළඟ නතර උනා.. තප්පර ගානක් ඇතුලට හැමදේම තේරුන ටේහ්‍යුන් ට දැනුනෙ එයාගෙ හදවත කෑලි වලට කැඩෙනව වගේ.. ඔලිවියා තමන්ගෙන් වෙන්වෙලා හිටියත් මේ විදියට වෙන පිරිමියෙක් ගෙ තුරුලේ ඉදී කියල ටේහ්‍යුන් බලාපොරොත්තු උනේ නෑ වගේම ඒක ටේහ්‍යුන් ට දරාගන්න අමාරු උනා..

ඔලිවියා ටේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලාගන ඉදල ආයෙම ජන්ග්කුක් දිහා බලල කට කොනකින් හිනාවුනා..

"මේ ඉන්නෙ මට එදා අර මිනිස්සු ඉස්සරහ කෑගහපු පොඩි කොල්ලා නේද ටේහ්‍යුන්? ඔයා ඌ එක්ක බජව් දානවද? අහ් කොහොමත් ඔයා වගේ අයට හරියන්නෙ ඔය වගේ කිසි හැදියාවක් නැති මිනිස්සු තමයි"

ඔලිවියා කිව්ව කිසි දෙයක් ජන්ග්කුක් ට ඇහුනෙ නැති එක ගැන ටේහ්‍යුන් ගෙ හිතේ තිබ්බෙ සතුටක්. ටේහ්‍යුන් ටික වෙලාවක් ඔලිවියා දිහා බලාගන ඉදල ජන්ග්කුක් වත් එක්කම අඩියක් ඔලිවියාගෙ ඉස්සරහට ආවා..

"මට ගැලපෙන දේවල් මම හොයාගන්නම් ඔලී.. ඒත් ඒ කිසිම තැනක ඔයාගෙ නම මින් ඉදිරියට නැතිවෙයි"

ටේහ්‍යුන් එහෙම කියල ඔලිවියාට වචනයක් වත් කියන්න නොදී ජන්ග්කුක් වත් වාරු කරගන එතනින් යන්න හැරුනේ ඔලිවියා කේන්තියෙන් ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි..
_____________________________

"ඕහ් මෙයාගෙ බර!"

ටේහ්‍යුන් ජන්ග්කුක් ව ඇදට දැම්මා නෙවෙයි විසිකලා. ජන්ග්කුක් හිටියෙ ඉන්නෙ කොහෙද මොකද වෙන්නෙ කියලවත් සිහියා නෙවෙයි. ඇදට වැටුන ගමන් දෙතුන් පාරක් කෙදිරි ගාපු ජන්ග්කුක් කොට්ටයක් බදාගන අනිත් පැත්ත හැරුනෙ ටේහ්‍යුන් හති දාන ගමන් ජන්ග්කුක් දිහා බලාගන ඉද්දි..

One last time✔️Where stories live. Discover now