ටේහ්‍යුන් ට ඕන උනේ ජන්ග්කුක් ට එයා අතින් උන වැරැද්ද හදාගන්න. මොන දේ උනත් ජන්ග්කුක් තමන්ගෙ යාලුවා වගේම ජන්ග්කුක් ඉන්නෙ මොනවගේ තත්වෙකද කියල.ටේහ්‍යුන් දැන දැනත් ඒ විදියට ජන්ග්කුක් ව ගෙදරින් එලියට දාපු එක ගැන ටේහ්‍යුන් ගෙ හිතේ තිබ්බෙ ලොකු වරදකාරී හැගීමක්..
ඉතින් ටේහ්‍යුන් තීරනය කලා ජන්ග්කුක් එක්ක ටිකක් ඇවිදලා සෝජු ටිකක් බීලා එන්න. මොකද ජන්ග්කුක් කියන්නෙ ඒතරම් සමාජශීලි කෙනෙක් නොවුන නිසා වගේම ටේහ්‍යුන් කියන්නෙ හුගක් කාර්‍යබහුල කෙනෙක් උන නිසා ඒ දෙන්නටම ඒ වගේ පොඩි පොඩි සතුටු හිතෙන් දේවල් නිතරම කරන්න වෙන්නෙ නෑ..
ටේහ්‍යුන් අද දවස ඇතුලත කිසිම ප්‍රශ්නයක් නැතුව එයාගෙ වැඩ ටික ඉවර කලා.. වරුවෙන් යන්න ගත්ත නිවාඩුවත් එයාට කිසිම කරදරයක් නැතුව ලැබුනේ කිසිම හදිසි අවස්තාවක් නොආව නිසා.
ටේහ්‍යුන් ගෙදර යද්දි ටිකක් හවස් උනා.. ඒ වෙද්දි ජන්ග්කුක් පේන්න හිටියෙ නැතත් කුස්සියෙන් එන කෑම සුවද නිසා ටේහ්‍යුන් ට තේරුනා ජන්ග්කුක් ඉන්නෙ කුස්සියෙ බව. ටේහ්‍යුන් ට ඕන උනා කලින් දවසෙ කිසිම දෙයක් නොවුන ගානට හැසිරෙන්න. මොකද එහෙම නොකලොත් තමන්ට ජන්ග්කුක් ට මූන දෙන්න බැරිවෙන බව ටේහ්‍යුන් දැනගන හිටියා..
"ජන්ග්කුකා!! ඕයි ජන්ග්කුක් !"
ටේහ්‍යුන් එයාගෙ පිට කබාය ගලවලා කවුච් එක උඩින් තියල කුස්සිය දිහාවට ඇවිදගන ගියා.. ටේහ්‍යුන් ගෙ කටහඩට ජන්ග්කුක් කර කර හිටිය වැඩේ නතර කරල පිටිපස්ස හැරුනා..
"කිව්වනෙ මං එද්දි ලෑස්ති වෙලා ඉන්න කියලා?"
ටේහ්‍යුන් ඇහිබැමක් උස්සලා එහෙම අහද්දි ජන්ග්කුක් කලේ හැන්දකුත් අතේ තියාගන උඩ බිම බලපු එක. ජන්ග්කුක් ගෙ බැල්මට ටේහ්‍යුන්ට හිනා යන්න ආවත් ටේහ්‍යුන් හිනා නොවීම ජන්ග්කුක් දිහා බලාගන හිටියා..
"මං - මං කන්න මොනවත් නැති නිසයි...."
"කන්න යන්න තමා මනුස්සයෝ ලෑස්ති වෙන්න කිව්වෙ"
ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් ටික වෙලාවක් ටේහ්‍යුන් දිහා බලාගන ඉදල ලිප ඕෆ් කරල එක පිම්මට කාමරේට දිව්වා..
YOU ARE READING
One last time✔️
Romance"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්යුන්.."