Fifth time

898 209 7
                                    

ජන්ග්කුක් ඇස් තද කරල පියාගත්තා.. මෙතනින් එහාට මොන දේ උනත් ජන්ග්කුක් ට ඒ ගැන හිතන්න සිහියක් තිබ්බෙ නෑ.. කාර් එක තමන්ගෙ ඇගේ වදිනකල් ජන්ග්කුක් ඇස් වහගන හිටියට එ
තමන් බලාපොරොත්තු උන විදියට තමන්ට මොනම විදියක වේදනාවක් වත් වැස්සෙන් වැටෙන වතුර බිංදු ඇරෙන්න වෙන කිසිම දැනීමක් වත් නොදැනුන නිසා ජන්ග්කුක් හිමීට ඇස් ඇරල බැලුවා..

"ජන්ග්කුක්... ජන්ග්කුක් !!"

හුරුපුරුදු කටහඩක් එක්ක හුරුපුරුදු රූපයක් ඇස් වලට පෙනෙද්දි ජන්ග්කුක් ඒ දිහාම බලන් හිටියත් ජන්ග්කුක් ට හරි සිහියක් තිබ්බෙ නෑ..

ටේහ්‍යුන් ව දැකපු රස්තියාදුකාරයො ටික ආපහු හැරිලා දුවද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ උරහිස් වලින් අල්ලගෙන හෙල්ලුවත් ජන්ග්කුක් හිටියෙ අසිහියෙන් වගේ..

"ජන්ග්කුක් මේ මම! ජන්ග්කුක් ඔයා හොදින්ද? එන්න අපි කාර් එකට යන්.. මට සමාවෙන්න ජන්ග්කුක් !"

ටේහ්‍යුන් මොනව කියෙව්වත් ජන්ග්කුක් ඒ කිසිම දේකට උත්ටර දුන්නෙ නෑ... ජන්ග්කුක් හිටියෙ තමන් දකින්නෙ මනෝ විකාරයක් කියල..

"ට්-ටේහ්‍යුන්.."

ජන්ග්කුක් ගෙ කටෙන් පිටවුනේ එච්චරයි.. එහෙමම ටේහ්‍යුන් ගෙ ඇගට ජන්ග්කුක් කඩාගන වැටෙද්දි ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ව අල්ලගත්තා..

"ජන්ග්කුක්! ජන්ග්කුක් .. "

ටේහ්‍යුන් ජන්ග්කුක් ව කොච්චර හෙලෙව්වත්  ජන්ග්කුක් ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙද්දි ජන්ග්කුක් ට සිහිය නැතිවෙලා කියල ටේහ්‍යුන් ට තේරුනා.. එහෙමම ජන්ග්කුක් ව තමම්ගෙ අත්වලට ගත්ත ටේහ්‍යුන් ඉදගන හිටපු තැනින් නැගිට්ටා..

"මේ ළමයා කන්නැද්ද?"

ලේසියෙන්ම ජන්ග්කුක් ව තමන්ගෙ අත් වලට ගත්ත ටේහ්‍යුන් තමන්ටම එහෙම මුමුනගන ජන්ග්කුක් ව කාර් එකෙන් තියල ශීට් බෙල්ට් එක දාලා ඩ්‍රයිවින් ශීට් එකෙන් ඉදගත්තා..

ඇස් පියාගන ශීට් එකෙන් එලියට ඔලුව බර කරගන ඉන්න ජන්ග්කුක් ගෙ ඔලුව කෙලින් කරපු ටේහ්‍යුන් ආයෙම සැරයක් ජන්ග්කුක් දිහා බලල ලොකු හුස්මක් ගත්තා..

One last time✔️Where stories live. Discover now