"මේ මිස්ටර් ජන්ග්කුක් ද?"
පාන්දරම ටේහ්‍යුන් ගෙ නම්බර් එකෙන් ආව කෝල් එකට ආන්සර් කලාම ජන්ග්කුක් ට ඇහුනෙ නාදුනන කටහඩක්..
"ඔව් මම ජන්ග්කුක් තමයි. මේ කවුද?"
"අපි ග්ලොරියා බාර් එකෙන් කතා කරන්නෙ සර්.. මේ ෆෝන් එක අයිති මහත්මයා මෙතන ඉන්නව සර් ට පුලුවන්ද ඇවිත් එයාව එක්කගන යන්න. අපි බාර් එක වහන්නයි හදන්නෙ"
"ඔ-ඔහ්.. හරි මට ලොකේශන් එවන්න"
<>
ටේහ්‍යුන් ගෙ ජීවන රටාව එකම විදියට ගෙවෙද්දි ජන්ග්කුක් ටත් නොවරදවාම මේ කෝල් එක නිතරම එන්න ගත්තා.. ඒ වෙලාවට තමන්ගෙ නින්ද කැපකරගන ජන්ග්කුක් ටේහ්‍යුන් ඉන්න තැනකට තමන්ගෙ හොයාගන යන්නෙ තමන්ගේ හොදම යාලුවා වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් ඒ දේ විතරක් නිසා.
ටේහ්‍යුන් හිටියෙ ටේහ්‍යුන් ගෙ කාර් එකේ.. ඩ්‍රයිවින් ශීට් එකේ හිටපු ජන්ග්කුක් විඩෙන් විඩේ ටේහ්‍යුන් දිහා හැරිලා බැලුවෙ ටේහ්‍යුන් වෙරි මතේ සැරින් සැරේ ශීට් එකෙන් පහලට කඩාගන වැටෙන නිසා..
කොහොම හරි ටේහ්‍යුන් ව ගෙදර එක්කගන ආව ජන්ග්කුක් පුරුදු විදියට තමන් ළඟ තිබ්බ අමතර යතුරෙන් ටේහ්‍යුන් ගෙ ගෙදර දොර ඇරලා ටේහ්‍යුන් ව ඇතුලට එක්කගන ගියා..
"ම්-මට මේ ග්-ගෙදර තනියම ඉන්න බ්-බෑ"
ටේහ්‍යුන් වැනි වැනිම ඔලුව උස්සලා බලල ආයෙම ජන්ග්කුක් වත් පෙරලගන ගෙදරින් එලියට යන්න හදනකොට ජන්ග්කුක් ටේහ්‍යුන් ව තද කරල අල්ලගත්තා..
"ම්-මට යන්න දෙනවා! ම්-මේ ගෙදර ම්-මට ඉන්න බෑ..!!"
ටේහ්‍යුන් ඉක්කා ගහන ගමන් දගලන්න ගත්තාම ජන්ග්කුක් ටත් ටේහ්‍යුන් ව පාලනය කරගන්න අමාරු උනා..
"ටේහ්‍යුන්!!!"
ජන්ග්කුක් කතා කලේ ටිකක් සද්දෙන්.. ටේහ්‍යුන් ඒ කටහඩට නිශ්ශබ්ද වෙලා ජන්ග්කුක් දිහා බැලුවම ජන්ග්කුක් ටේහ්‍යුන් ව එහෙමම අල්ලගෙන ටේහ්‍යුන් ගෙ මූන දිහා බැලුවා..
"මේ ඔයාගෙ ගෙදර ටේහ්‍යුන් .. "
ජන්ග්කුක් කිව්වාම ටේහ්‍යුන් ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන හිටියා.. මීට ටික කාලෙකට කලින් හිටපු ගාම්භීර ටේහ්‍යුන් දැන් ඉන්න විදිය දැක්කාම ජන්ග්කුක් ට හීල්ලුනා..
YOU ARE READING
One last time✔️
Romance"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්යුන්.."