Eighth time

1K 211 9
                                    

ටේහ්‍යුන් ගෙ ජීවිතේට හුග කාලෙකට පස්සෙ සතුට කියන දේ හිමි හිමින් ලං වෙන ගමන් තිබුනා.. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ ගෙදර බෝඩ් වෙන්න ඇවිත් දැන් මාස එකහමාරක් විතර ගෙවිලා ගිහින් තිබුනා වගේම ටේහ්‍යුන් ට ඔලිවියා ගැන මතක් වෙන එක අමතක වෙලත් දැන් ඒ හා සමාන කාලයක් ගෙවිලා තිබුනා..

ජන්ග්කුක් හුගක් සතුටු උනා. ටේහ්‍යුන් ගෙ බීම නතර උන එක ගැන ජන්ග්කුක් ඇත්තටම සතුටු උනා..

ටේහ්‍යුන්ට ජන්ග්කුක් ව දකිනකොට ඇතිවෙන අමුතු හැගීම් වලට ඉඩක් නොදුන්නත් ඒ හැගීම් නිසාම ටේහ්‍යුන් සතුටින් හිටියා.. ජන්ග්කුක් ගෙ හිනාව,ඒ ඇස්, සැරින් සැරේ ඇහෙන ජන්ග්කුක් ගෙ සින්දු වලට ටේහ්‍යුන් ඇබ්බැහි වෙලා හිටියා..

අනිත් පැත්තෙන් ජන්ග්කුක් ටේහ්‍යුන් එක්ක ඉන්න හුගාක් ආස කලා. ටේහ්‍යුන් එක්ක නිවාඩු දවසට සෝජු බොන්න, බොහෝම කලාතුරකින් ලැබෙන නිවාඩු දවසෙදි ටේහ්‍යුන් ජන්ග්කුක් වෙනුවෙන් හදන රස කෑම කන්න, ටේහ්‍යුන් එක්ක හිතුන හිතුන තැන්වල ඇවිදින්න යන්න ජන්ග්කුක් පුදුමාකාර විදියට ආස කලා..

එයාලා නිසාම එයාලා සතුටින් හිටියා වගේම දුක කියන දේ එයාලගෙන් ඈතට ගිහින් තිබුනා..

"ජන්ග්කුක් ඔයා ලෑස්තිද?"

"ඔව් හ්‍යුන්-- "

ජන්ග්කුක් එහෙම කියාගනම එයාගෙ කාමරේ දොර ඇරියේ ටේහ්‍යුන් ව එහෙමම ගල් වෙද්දි..

ජන්ග්කුක් හිටියෙ එයාගෙ ගැජුවේශන් එකට ලෑස්ති වෙලා.. ජන්ග්කුක් ගෙ පෙනුම අනිත් දවස් වලට වඩා හාත්පසින්ම වෙන උනා වගේම ඒ වෙනස ටේහ්‍යුන් ගෙ ඇස් වලට දරාගන්න ටිකක් අමාරු උනා..

ජන්ග්කුක් ඇත්තටම ලස්සනට හිටියා. සුදු පාට කමිසෙට උඩින් දාලා තිබ්බ කලු පාට බ්ලෙසර් එක ජන්ග්කුක් ව ඕනාවටත් වඩා ටේහ්‍යුන් ගෙ ඇස් වලට දිස්නෙ ගහල පෙන්නුවා..

"හ්-හ්‍යුන්?"

ටේහ්‍යුන් බලාගන ඉන්න විදිය දැක්කාම ජන්ග්කුක් ව රතු වුනේ ඉබේටමයි..

"ඔහ්-ඔව් ජන්ග්කුක් ඇයි?"

ජන්ග්කුක් ගෙ කටහඩෙන් පියවි සිහියට ආව ටේහ්‍යුන් ඔලුවත් ගසල ආයෙම ජන්ග්කුක් දිහා බැලුවෙ ජන්ග්කුක් හීනියට හිනාවෙද්දි..

One last time✔️Where stories live. Discover now