second time

999 217 4
                                    

ජන්ග්කුක් මුලු ලෙක්චර් එකේම කලේ කෙල පෙර පෙර නිදාගත්ත එක. ලෙක්චර් එක පටන් අරන් උපරිම විනාඩි පහක් ජන්ග්කුක් ඇස් ඇරගන ඉන්න ඇති.. හයවෙනි විනාඩියෙ ඉදන් ජන්ග්කුක් ගෙ ඇස් ජන්ග්කුක් ව නින්දකට ඇදල ගනිද්දි ජන්ග්කුක් කිසිම විරුද්ධත්වයක් නැතුව තමන්ගෙ ඇස් දෙකට එකඟ උනා..

<>

"ඩොක්‍ටර් කිම් ඩිවෝස් වෙන්නලු යන්නේ"

"විශ්වාස කරන්නත් අමාරුයි"

"මිසිස් ඔලිවියා ගෙ සිහිය විකල් වෙලා වගේ"

"ඩොක්ටර් කිම් පෙනුමට හිටියට කිසිම පිලිවලක් නැති කෙනෙක්ලු"

"ඒත් ඒ තරම් කඩවසම් පිරිමියෙක් නැතිකරගන්න අර ගෑණි කොහිම හිතහදාගත්ටද!"

මේ වෙද්දි මුලු රෝහලේම ප්‍රධාන මාතෘකාව වෙලා තිබ්බෙ ඩොක්ටර් කිම් ටේහ්‍යුන් කියන චරිතේ.. ඇටෙන්ඩන්ට්වරු,හෙදියන් වගේම වෛද්‍යවරුත් ටේහ්‍යුන් ගැන ඕපාදූප කතා කරන්න පටන් අරන් තිබ්බා..

රෝහලේ කොරිඩෝ එක දිගේ ඇවිදගන එන ටේහ්‍යුන් ව දැක්කාම හැමෝගෙම කතාව නතර උනේ ටේහ්‍යුන්ට ඒ අයව ඇහෙයි කියන බයට උනත් ටේහ්‍යුන් ට අනිත් අයට අවදානය දෙන්න තරම් සිහියක් උවමනාවක් තිබ්බෙ නෑ..

"ඩොක්ටර් කිම්.. රෝගියා ලෑස්තියි"

හෙදියක් ඇවිත් ටේහ්‍යුන් ගෙ කැබින් එකට ඔලුව දාලා එහෙම කියල ගියාම ටේහ්‍යුන් නැගිටල රෝගීන් පරීක්ශා කරන කාමරේට ගියා.. එතන හිටියෙ ගැබිණි කාන්තාවක්..

"ඩොක්ටර්"

"නෑ නෑ නැගිටින්න අවශ්‍ය නෑ.. ඔහොම ඉන්න.. මොනාද අම්මට තියන අමාරු කියන්න මට"

ටේහ්‍යුන් ඇදේ දිගා වෙලා ඉන්න රෝගියා ළඟින් ඉදගන්න ගමන් එහෙම අහනකොට ඒ ගැබිනි කාන්තාවගෙ ස්වාමිපුරුෂයා කියල හිතන්න පුලුවන් කෙනා එක අතකින් තව පොඩි දරුවෙක් ව අල්ලගන ඉන්න ගමන් අනිත් අතෙන් ඒ කාන්තාවගෙ අත තදින් අල්ලගන හිටියා..

"ම්-මට හුස්ම ගන්න අමාරුයි ඩොක්ටර් .. විඩෙන් විඩේ එන ඔලුවෙ කැක්කුමත් එක්ක ඇගට ලොකු වෙහෙසක් දැනෙනව"

One last time✔️Where stories live. Discover now