ninth time

844 205 22
                                    

ජන්ග්කුක් හිටියෙ බිම බලාගන. වචනයක් වත් කතා කරගන්න බැරුව ගොලු වෙලා ටේහ්‍යුන් ගෙන් ඇස් හංගගන එයා බිම බලාගන හිටියා..

ටේහ්‍යුන් වාහනය එලවන අතර සැරින් සැරේ ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් ගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුන නිසා ටේහ්‍යුන් දිගටම නිහඩවම වාහනය ගෙදරටම එලෙව්වා..

වෙනදා වගේ ටේහ්‍යුන් කාර් එක ගරාජ් එකේ පාර්ක් කරනකල්වත් ඉන්නැතුව ජන්ග්කුක් ගේ ඇතුලට දිව්වේ ටේහ්‍යුන් ගෙ කට කොනකට හිනාවක් ගෙනල්ලා.. වෙරි බහිනකොට උන දේ ගැන ඇතිවුන ලැජ්ජාවට ජන්ග්කුක් මෙහෙම හැසිරෙන බව ටේහ්‍යුන් කලින් ඉදලම බලාපොරොත්තු උනා..

"ජන්ග්කුක්!!"

ටේහ්‍යුන් කතා කලත් ගේ ඇතුලෙ කිසිම තැනකින් ජන්ග්කුක් ගෙන් ප්‍රතිචාරයක් නොලැබුන නිසා ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කාමරේ ඉස්සරහට ගියා..

"ජන්ග්කුක් මේ දොර අරින්න.. අපි කතා කරමු"

ඒත් ජන්ග්කුක් ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ..

"ජන්ග්කුක් කිව්වාම මේ දොර අරිනවා.. මට කතා කරන්න ඕන"

ටේහ්‍යුන් බොරු තරහක් මවාගන දොරට වේගෙන් තට්ටු කරල ටිකක් නිහඩව ඉද්දො ඇතුලෙන් දොරේ අගුල කැරකෙන සද්දයක් එක්ක දොර ඇරුනා.. ඒත් ජන්ග්කුක් හිටියෙ බිම බලාගන. ජන්ග්කුක් ගෙ මූන බිමට බරවෙලා තිබුනත් ඒ කම්මුල් රතු වෙලා තියනව ටේහ්‍යුන් ට හොදටම පෙනුනා..

ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙලා ජන්ග්කුක් ගෙ කාමරෙ ඇතුලට ඇවිත් දොර වහල දොරට පිට දීලා හේත්තු වෙලා අත් දෙක පපුව කෙලින් බැදගත්තා..

ටේහ්‍යුන් දිගටම හිටියෙ ජන්ග්කුක් දිහා බලාගන උනත් ජන්ග්කුක් හිටියෙ බිම බලාගන. ඒ මූන එන්න එන්න රතු වෙන විදියට ටේහ්‍යුන් ට තේරුනා ජන්ග්කුක් ඉන්නෙ මොනතරම් ලැජ්ජාවකින් ද කියල. ඒ නිසාම ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක් ලඟට ඇවිදගන ගියා..

"ජන්ග්කුක්.."

ටේහ්‍යුන් හරිම නිවුනු කටහඩකින් කතා කලාම ජන්ග්කුක් බර හුස්මක් පහලට දාලා ටේහ්‍යුන් දිහා බැලුවෙ තවත් මූන හංගගන ඉන්න බැරි බව තේරුන නිසා.

One last time✔️Where stories live. Discover now