සර්.. සර් නැගිටින්න!"
බාර් එකේ වැඩ කරන සේවකයා ටේහ්‍යුන් ට කොයිතරම් කතා කලත් ටේහ්‍යුන් නැගිටින ලාටක් තිබ්බෙ නෑ.. හැමදාම රෝහලේ වැඩ ඉවරවෙලා බාර් එකට ඇවිත් වැටෙනකල් බොන එක දැන් ටේහ්‍යුන් ගෙ දින චර්‍යාව උනා..
"අදත් මේ පිස්සු මිනිහා නිසා මට පරක්කු වෙනව! ඩොක්ටර් කෙනෙක් කියල හිතාගන්නත් බෑ"
ටේහ්‍යුන් ව නැගිට්ටවන්න ගත්ත උත්සහය අසාර්ථක වෙද්දි සේවකයා ටේහ්‍යුන් ට බනින ගමන් පුරුදු විදියට ටේහ්‍යුන් ගෙ ඇගිල්ලෙන්ම ටේහ්‍යුන් ගෙ ෆෝන් එක අන්ලොක් කරගන කෝල් ලොග් එකේ උඩින් ම තියන නම්බර් එක ඩයල් කලා..
<>
වෙනදා වගේම ටේහ්‍යුන් ගෙ කාර් එක ජන්ග්කුක් එලවගන යද්දි ටේහ්‍යුන් පැසෙන්ජර් ශීට් එකේ වාඩිවෙලා හිටියා.. ඒත් අද ටේහ්‍යුන් ඔලුව කෙලින් කරන් ඉන්න පුලුවන් මට්ටමේ හිටපු නිසා ජන්ග්කුක් ට පුලුවන් උනා ටේහ්‍යුන් එක්ක කතා කරන්න..
"මොකද්ද ටේහ්‍යුන් මේ වැඩේ තේරුම.. මගේ වඩා වයසින් වැඩි කෙනෙක් වෙලත් මට තේරෙන දේ ඔයාට තේරෙන්නැද්ද?"
ටේහ්‍යුන් නිශ්ශබ්දයි..
"මං හිතන්නෑ ඔයා මේ හැසිරෙන විදියට ඔලිවියා උනත් කැමති වෙයි කියල"
ඒ වචන වලට ටේහ්‍යුන් ඔලුව හරවලා ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් හිටියෙ ඉස්සරහ බලාගන. ඒ මූනෙ දුකක් වගේම කලකිරීමක් එක්කම ලොකු කේන්තියක් තිබුනා.. ටේහ්‍යුන් වෛද්‍යවරයෙක් . ඒත් ටේහ්‍යුන් ගෙ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් උනා.. ඒක ජන්ග්කුක් ට කේන්තියට කාරණයක් උනා..
"ඔයා ඔහොම වෙන එකෙන් ඔලිවියාට ඔයාගෙන් වෙන් වෙන්න තියන හේතු ගාන තවත් වැඩි වෙනව ටේහ්‍යුන් .මොකද්ද මේ හැමදාම රෑට ගෙදර එන්නැතුව බාර් ගානෙ රිංගගගන ඔයා නටන විකාරෙ ටේ?"
ජන්ග්කුක් ගෙ කටහඩ වෙව්ලුවා.. ජන්ග්කුක් ආශ්‍රේ කරපු ජන්ග්කුක් ගෙ යාලුව මීට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් උනා.. හැමෝම එක්ක සුහදව ඉන්න හැමෝගෙම හිත දිනාගත්ත ආකර්ශනීය ටේහ්‍යුන් වෙනුවට දැන් ඉන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ ගතිගුණ තියන ටේහ්‍යුන් කෙනෙක්..
"ම්-මට ඒ ගෙදර තනියම ඉන්න බෑ කුක්.. ම්-මට පාලුයි"
ටේහ්‍යුන් ගෙ කටහඩ කවදාටවත් වඩා බිදිලා තිබුනා.. ඒ කටහඩ ඇහෙද්දි ඒ වචන ඇහෙද්දි ජන්ග්කුක් ට දැනුනෙ තමන්ගෙ පපුව පසාරු කරගන ගියා වගේ හැගීමක්.. ඒ ඇයි කියන්න ජන්ග්කුක් දැනගන හිටියෙ නෑ.. ඒත් ටේහ්‍යුන් ගෙ අසරණ වචන ජන්ග්කුක් වත් අසරණ කලා..
ටේහ්‍යුන් ගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා.. ටේහ්‍යුන් වගේ පිරිමියෙක් අඩවන්න තරම් ආදරේ කියන හැගීම බලවත් වෙද්දි ජන්ග්කුක් ඔලිවියා ට හිතෙන් සාප කලා..
"ඔයා දිගටම මෙහෙම ඉන්නද හදන්නෙ ටේ?"
ටේහ්‍යුන් උත්තර දුන්නෙ නෑ.. ඒ වෙනුවට ටේහ්‍යුන් තමන්ගෙ කොන්ඩෙ අස්සට ඇගිලි යවලා ඔලුව ශීට් එකට තද කරගත්තා..
"මේ අහන්න ටේහ්‍යුන් !ඔයාට මෙහෙම දිගටම ඉන්න බෑ.. ඔයා මුලින්ම ඔලිවියා හිටියත් නැතත් හොද සිහියෙන් ඉන්න බලන්න!"
ජන්ග්කුක් කිව්වාම ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන දිහා බැලුවා. කදුලු වේලිලා තිබ්බත් ඒ ඇස් වල තිබ්බ වේදනාව එහෙමම තිබ්බා..
"මට ඒ ගෙදර ඉන්න බෑ ජන්ග්කුක් .. මට මැරෙන්න තරම් පාලුයි. මූසලයි.. මට ඔලී ව මතක් වෙනව එ- ඒ ගෙදර හැමතැනකම ඔලී ඉන්නව"
ටේහ්‍යුන් කියවගන කියවගන ගියා.. ජන්ග්කුක් හැමවෙලේම වගේ හොද සවන්දෙන්නෙක් උනා.. ටේහ්‍යුන් ගෙ වචන ඉවර වෙනවත් එක්කම ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බැලුවා..
"ඒකට විසදුම මේක නෙවෙයි ටේ..ඒක ඔයා දන්නව!"
ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් ලොකු හුස්මක් ගත්‍තා..
"ජන්ග්කුක්.."
ටේහ්‍යුන් කතා කලාම ජන්ග්කුක් සුක්කානමට අත තියාගනම ටේහ්‍යුන් දිහා බැලුවා..
"ජන්ග්කුක් ඔයා එනවද මාත් එක්ක නවතින්න?"
<>
ඔලිවියා & ටේහ්‍යුන් 🙂💜️
Bambi🎈
YOU ARE READING
One last time✔️
Romance"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්යුන්.."