fourth time

882 209 12
                                    

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ ගෙදර දොර ඉස්සරහ. බෝඩිමේ තමන්ගෙ කියල තිබ්බ ඔක්කොමත් උස්සගෙන ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ ගෙදරට එන්න ආවේ බෝඩිමේ ඉනන්වට වඩා ටේහ්‍යුන් ගෙ ගෙදර ඉන්න එක තමන්ට හොද වෙයි කියාඅ ජන්ග්කුක් හිතපු නිසා..

තමන් ඉන්න එකෙන් ටේහ්‍යුන් ගෙ මානසික පීඩනයත් ටිකක් හරි අඩුවෙයි කියල හිතපු ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ ඉල්ලිමට එකඟ උනේ ඒකෙන් ටේහ්‍යුන් හුගාක් සතුටු වෙද්දි..

"එන්න ජන්ග්කුක් ඇතුලට"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතේ තිබ්බ ලැගේජ් එකක් ඇතුලට ගන්න ගමන් හිනාවෙලා එහෙම කියද්දි ජන්ග්කුක් හිනාවෙලා ටේහ්‍යුන් ගෙ ගේ ඇතුලට ආවා..

"මට තව ටිකකින් හොස්පිටල් එකට යන්න වෙනව ජන්ග්කුක්. ඔයා බලල තියන දෙයක් හදාගන්න.. මේ පහල කාමරේ ඔයාගෙ.. ටිකක් අස් කරගන්න වෙයි. ෆ්‍රිජ් එකේ තියන ජාති බලල අඩුපාඩු ඕන්නම් ගෙන්නගන්න මං සල්ලි දෙන්නම්.. කම්මැලි වගේනම් මං අලුත් ෆිල්ම් වගයක් ගෙනාවා ඒවා බලන්න..කැම්පස් යන්න කලින් කාලා යන්න.. අහ් අද ඔයාට ලෙක්චර්ස් නැතුව ඇති නේද? මටත් වෙලාවකට හිතෙනව හැමදාම කැම්පස් ජීවිතේම තිබ්බනම් හොදයි කියල..."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ලැගේජ් එක කාමරේට ඇදගන යන ගමන් වේගෙන් වේගෙන් එහෙම කියවද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පිටිපස්සෙන් හිනාවෙවී ආවා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ලැගේජ් දෙක කාමරේ ඇතුලට දාලා පිටිපස්ස හැරුනා..

"එහෙනම් කුක්.. මම යනවා! ඔයාගෙ ගෙදර කියල හිතාගන ඉන්න"

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් ගෙ පිටට තට්ටුවක් දාලා ජන්ග්කුක් ට මොනවත්ම කියන්න වෙලාවක් නොදී උඩ තට්ටුවට දිව්වා..

<>
ජන්ග්කුක් හිටියෙ කාමරේ අස් කරන ගමන්. ඇදගන හිටපු ශර්ට් එක වැලමිට ළඟින් උඩට නවල දිග කලිසම ගලෝලා ශෝර්ට් එකක් ඇදගත්ත ජන්ග්කුක් හැඩිවෙලා මකුණුදැල් බැදිලා තිබ්බ කාමරේ කොනක ඉදන් අස් කරන්න ගත්තා.

ටේහ්‍යුන් හොස්පිටල් එකට ගියේ නොකාම නිසා ජන්ග්කුක් කාමරේ අස් කරල ඇග පත හෝදගන ග්‍රොසරි ශොප් එකට යන්න ගෙදරින් එලියට බැස්සා.. ගෙදර ෆ්‍රිජ් එකේ තිබ්බ බියර් කෑන් වලිනුයි වොඩ්කා,වයින්,බ්‍රැන්ඩි බෝතල් වලිනුයි හදන්න කිසිම කෑමක් නොතිබ්බ නිසා ජන්ග්කුක් ට බඩු ගේන්න එලියට යන්නම උනා..

One last time✔️Where stories live. Discover now