"ඔලී!!?"
ටේහ්‍යුන් දැක්කේ දොර ඉස්සරහ හිටගන ඉන්න ඔලිවියා ව. ටේහ්‍යුන් පුදුමෙන් වගේ අඩි දෙකක් පිටිපස්සට ගියෙ ඔලිවියා ගේ ඇතුලට එද්දි..
"ට්-ටේහ්‍යුන්.. අනේ"
ඔලිවියා හිටියෙ අඩන ගමන්. අඩ අඩම ටේහ්‍යුන් ලඟට ඇවිදගබ එන ඔලිවියා ව දැක්කාම ටේහ්‍යුන් කලේ මොනවත් හිතාගන්න බැරි බැල්මකින් බලාගන හිටපු එක..
"ටේ....මට සමාවෙන්න ටේ!"
ඔලිවියා එහෙම කියාගන ටේහ්‍යුන් ගෙ පපුවට ඔලුව තියාගත්තේ ටේහ්‍යුන් මොනවත්ම නොකර එහෙමම බලාගන ඉද්දි.. මීට මාස ගානකට කලින් ඔලිවියා ගෙ කදුලු බලන්නවත් අකමැති තැනක හිටිය ටේහ්‍යුන් ට අද ඔලිවියා තමන්ගෙ පපුව ට වැටිලා අඩද්දිත් මොනම හැගීමක් වත් නැතුව බලාගන හිටියා..
"ටේ-- මම ඒ මිනිහට රැවටුනා.. පීටර්.. ඒ මිනිහාට ගෑනියෙක් ඉන්නව.. ල්-ලමයෙකුත් ඉන්නව"
ඔලිවියා අඩ අඩම ටේහ්‍යුන් ට එක එක ඒවා කියවද්දි ටේහ්‍යුන් හිමීට ඔලිවියා ගෙ උරහිස් වලින් අත් තියල ඔලිවියා ව තමන්ගෙ ඇගෙන් අයින් කලා..
"මට සමාවෙන්න.. මට තව එක අවස්තාවක් දෙන්න"
ඔලිවියා එහෙමම ටේහ්‍යුන් ගෙ ඇග දිගේ රූටල ටේහ්‍යුන් ගෙ කකුල් දෙක ළඟ නතර උනේ ටේහ්‍යුන් කරකියා ගන්න දෙයක් නැතුව ඔහේ බලාගන ඉද්දි..
---------------------------------ඔලිවියා ආයෙම ටේහ්‍යුන් ලඟට ඇවිත් දැනට දවස් තුනක් ගතවෙලා තිබුනා.. තවම දික්කසාද නොවුන නිසා ඔලිවියා තාමත් ටේහ්‍යුන් ගෙ බිරිද උන එක වගේම තමන් දවසක් හරි ආදරේ කරපු කෙනා ඒ විදියට අසරන වෙලා ඉන්නව බලන්න ටේහ්‍යුන්ට බැරිවීම නිසාම ඔලිවියාට ටේහ්‍යුන් ගෙ ගෙදර නතර වෙන්න අවස්තාවක් දුන්නත් ටේහ්‍යුන් ගෙ හිතේ තිබ්බෙ චකිතයක්..
ඔලිවියා ඒ ගෙදර එයාගෙ ගානට හැසිරෙන්න ගත්ත එක වගේම ටේහ්‍යුන් එක්ක ඉස්සර වගේ ඉන්න හදන එක ටේහ්‍යුන් ට ලොකු හිසරදයක් උන නිසාම ටේහ්‍යුන් ගෙදර ඉන්න කාලය හුගාක් අඩු කලා..
ටේහ්‍යුන් හිටියෙ රෝහලේ.. ගෙදර යන්න හිතක් නැතිවෙද්දි කලින් දවසෙ වගේම අද රෑටත් ටේහ්‍යුන් රෝහලේම නතර වෙන්න තීරනය කලා..
.
.
.
.
.
.
YOU ARE READING
One last time✔️
Romance"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්යුන්.."