Season 2 - (12)

155 54 15
                                    

ජන්කුකීහ්හ්හ්හ්....

බැන්ඩේජ් කරලා තිබුණ ජන්කුක්ගෙ අතක් අල්ලගෙන මම හුඟාක් වෙලා ඇඬුවා. මම කොච්චර ඇඬුවත් එයා නැගිට්ටෙ නෑ. සමහරවිට එයාට දීලා තිබ්බ බෙහෙත් නිසා වෙන්න ඇති.

මම මගෙ වෙව්ලන අතක් ජන්කුක්ගෙ මූණ උඩින් තිබ්බා.. හෙමීට ජන්කුක්ගෙ මූණ පිරිමදින ගමන් මම දිගින් දිගටම මිමිණුවේ ,

" ජන්කුක්.. ඔයාගෙ ජිමින් දිහා බලන්න.. "

කියලා විතරයි . එයා ගැඹුරු නින්දක හිටියේ. ගතවුණු අවුරුදු ගානටම මට ජන්කුක්ව මග ඇරුණු තරමටම මම ජන්කුක්ගෙ මූණ දිහා බලාගෙනම හිටියා..

ඒ ඇස් , ඒ තොල් , පුළුල් උරහිස් මේ හැමදේම මම හුගාක් පරිස්සමින් ආයෙ ආයෙම පරීක්ෂා කළා. ජන්කුක් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඉස්සර වගේම එයා කඩවසම්.

පියාගෙන ඉන්න ඒ ඇස් ඇරලා මම දිහා බලනකල් ,
ඒ තොල් ආයෙම මගේ නම මුමුණනකල් මම මගෙ ඇස් වල කඳුළු පුරවගන හුගාක් නොයිවසිල්ලෙන් බලන් හිටියා...

ඔයාව ආයෙම මට නැතිවෙන්න බෑ ජන්කුක් !!!
ඉක්මනට නැගිටින්න....

මම මිමිණුවා..

.
.
.
.
.
.
.
.
.

" ඉක්මන් කරන්න . එයාව අරන් එන්න ! "

වෝඩ් එකෙන් ටිකකට මම එළියට ගිහින් ආපහු එද්දි ඩොක්ටර්ස්ලා දෙන්නෙක් නර්ස්ලා කීපදෙනෙක් එක්ක ජන්කුක් හිටපු රූම් එක දිහාට කලබලෙන් වගේ දුවනවා මම දැක්කා.

මට දැණුනේ මගෙ කකුල් දෙක පණ නැතුව ගියා වගේ. මම ඉක්මනට එතනට දිව්වත් මට එයාලා ඇතුළට යන්න දුන්නෙ නෑ...

" අනේහ් ඩොක්ටර් මගෙ ජන්කුක්ට මොකද ? "

රූම් එකේ දොර ඇරගෙන හදිසියෙන් එලියට ආව ඩොක්ටර් කෙනෙක්ගෙන් මම ඇහුවා.

" ඩීෆිබ්‍රිලේටර් එක අරන් එන්න . "

නර්ස් කෙනෙක්ට එහෙම කියලා ඩොක්ටර් කියද්දි මම එතනම ගල් උනා.....

" එයාගෙ හාට්බීට් එක හොඳටම ලෝ.. නැවතෙන්න කලින් අපිට තියන අන්තිම ඔප්ෂන් එක මේක !!! "



*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

හායි...
කාලෙකින් නේතෙ...
සොරි අනේ මට ගොඩක් වැඩ තිබ්බා..

*Defibrillator -------> මේක ඔයාලා දන්නවා. හාට්බීට් එක ලෝ උනාම ඉලෙක්‍ට්‍රික් ශොක් එකක් දීලා හාට්බීට් එක ආයෙම අරගන්න එක මේකෙන් කරන්නෙ. මේකෙන් ශොක් එක දෙන්නෙ තුන් පාරයි. ඊටපස්සෙ වැඩක් නැත්නම් ඒක නවත්තනවා.

(මමත් නර්ස් කෙනෙක්ගෙන් අහගත්තෙ.)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.



මේ ශොක් එක සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට හරිම අමාරුයි ලු. ඔයා හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ඔයාට මේ ට්‍රීට්මන්ට් එක කළොත් ඔයාගෙ ජීවිතේ උනත් අනතුරේ වැටෙන්න තියන ඉඩකඩ හුගාක් වැඩියි. ඒ නිසා මේක කරන්නෙ ඇත්තටම හාට්බීට් එක එකපාරටම නැවතිලා ගියාම ආයෙම ඔයාව ජීවත් කරවන්න ගන්න උත්සාහයක් විදියට.

වැඩි විස්තර ගුලුගුලු එකෙම් හොයාගන්න ලමයි.

  

°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

To be continued ....
Vote and comment plz ... 

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Onde histórias criam vida. Descubra agora