Prologue

5.7K 495 11
                                    

"එකෙක්වත් ඉතුරු කරන්න එපා! සේරම මරපල්ලා!!" එක මිනිස් දඩයක්කාරයෙක් තමන්ගේ ගෝලයන්ට අණ කලේ තමන්ගේ තුවක්කුව හතර වටේට වනමින්.

වෙඩි හඬවල්, ගෙරවුම් හඬවල්, වේදනාවෙන් කෑමොර දීම් ඝණ වනාන්තරය පුරා දෝංකාර දෙමින් තිබුනා. කෙමෙන් කෙමෙන් වනාන්තරය මැද ලේ විලක් නිර්මාණය වුනේ තැනින් තැන තිබුනු වෘක සිරුරු වගේම මිනිස් මළ සිරුරු නිසා.

බොහෝ ඇල්ෆාවරුන් තමන්ගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වෙලා මිනිසුන් සමඟ සටන් කරේ තමන්ගෙ වර්ගයාව ආරක්ෂා කරගන්න. මේ අතරේ මිනිස් ස්වරූපයෙන් හිටපු ගැහැණු වෘකයන් තමන්ගෙ පැටවුන් අරගෙන පැනයමින් හිටියා. ඒ අතරේ එක ගැහැනු කෙනෙක් එක් අතකින් අවුරුද්දක් වයසැති තමන්ගෙ එක පුතෙක්ව පපුවට තුරුලු කරන්, අනිත් අතින් නව වන වියේ ඉන්න තමන්ගෙ අනිත් පුතාගෙ අතින් අල්ලගෙන එතනින් පැන යමින් හිටියා.

"අන්න අරකි පැනලා යනවා!! අල්ලගන්නවා ගිහින්!! ඒ පොඩි උන් දෙන්නව ඉවරයක් කරලා ඒකිව මගෙ ළඟට ගේනවා! මට ඒකිව ඕනෙ." නපුරු හිනාවක් සමඟින් කිව්ව දඩයක්කාරයා තමන්ගෙ ඇඟට පනින්න හැදුව වෘකයෙකුගේ පපු ප්‍රදේශය සිදුරු වෙන්න වෙඩි පහරක් එල්ල කලා.

දඩයක්කාරයො දෙන්නෙක් කලින් කිව්ව ගෑණු කෙනාගෙ පස්සෙන් පැන්නුවා. එයා තමන්ගෙ ළමයි දෙන්නවත් ඇදගෙන පිටිපස්ස බලමින් කැලේ මැදින් දිව්වේ එයාගෙ ජීවිතේ කෙසේ වෙතත් එයාගෙ ළමයි දෙන්නගෙ ජීවිතේ බේරගන්න.

"පුතා! ඔයාගෙ වෘකයට මාරුවෙන්න. ඉක්මනට!" එයා කෑගහුවා. හොඳටම බය වෙලා හිටපු ඒ ළමයා තමන්ගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වෙලා එයාගෙ ඔම්මා එක්කම දිව්වා. ඒත් ඊළඟට එයාගෙ ඔම්මා කරපු දෙයින් එයා ව්‍යාකූල වුනා.

එයාගෙ ඔම්මා එයාගෙ අතේ හිටපු පුංචි මල්ලිව එයාගෙ පිටේ රැඳෙව්වා.

"ඔම්මා?! ඇයි?" ඔම්මට මනසින් සම්බන්ධ වෙලා එයා ඇහුවා.

"මල්ලිව අරන් පුලුවන් තරම් ඈතට දුවන්න. ආයිත් පස්ස බලන්න එපා. ජීවත් වෙන්න! දෙන්නම!! මල්ලිව බලාගන්න පුතේ.." එයාට මනසින් කිව්ව එයාගෙ ඔම්මා එයාගෙ වෘක හිස ආදරෙන් අතගාලා පිට උඩ නිදාගෙන ඉන්න එයාගෙ චූටි මල්ලිගෙ නළලට හාදුවක් දීලා එතනම නැවතුනා.

"ඔම්මා?!" එයාගෙ ඔම්මා නැවතුනා කියලා තේරුනු පිරිමි ළමයත් නැවතිලා ආපහු හැරිලා බැලුවා.

"නවතින්න එපා!!! දුවන්න!!" එයාගෙ ඔම්මා කෑගහනවා එයාට ඇහුනා. ඊළඟට එයාගෙ ඔම්මා එයාගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වෙලා එයාට ගෙරෙව්වම එයා එයාගෙ මල්ලිවත් අරන් එතනින් දුවලා ගියා. එයා දැක්කා එයාගෙ ඔම්මා ළඟට එමින් හිටපු දඩයක්කාරයගෙ ඇඟට පනින විදිහ.

නවතින්නේ නැතුව දිගටම දිව්ව එයා ඊළඟ මොහොතේ නැවතුනේ වෙඩි හඬක් ඇහුන නිසා. කඳුලු එකදිගට කඩන් වැටෙන එයාගෙ වෘක ඇස් වලින් එයා ආපස්ස හැරිලා බැලුවා.

"ඔම්මා!!"


ඒ මිනිස්සුත්, මිනිස් වෘකයන් අතරත් ඇති වුනු දරුණු වෛරයේ ආරම්භය.

මේ ඒ වෛරයේ අවසානය සනිටුහන් කරන මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.

My Human









•°•°•°•°•°•°•°•°•°•°•








හායි..☺️❤️

මේ මගෙ දෙවනි කතාව. Werewolf එකක්. ටිකක් වෙනස්. 😁 හිතනවා ඔයාලා කැමති වෙයි කියලා 🎉️🎊️

පළවෙනි චැප් එක තව ටිකකින් දාන්නම් ☺️

කතාව හොඳයි නම් වෝට් කරලා කමෙන්ට් එකකුත් දාන් යන්න බබීලා.. 😘❤️

My Human 🐺❤️ || (Complete)Where stories live. Discover now