වෙලාව උදේ හතයි. අවදි වුනු ජන්ග්කුක් මුලින්ම හිතුවේ ටේහ්‍යුන් ගැන. ඊයෙ රෑ කෑමෙන් පස්සෙ එයා එයාව දැක්කෙම නෑ. ඉතින් ඇඳෙන් බිමට පැන්න එයා දත් මැදලා මූන හෝදගෙන ටේහ්‍යුන්ගේ කාමරයට යන්න පිටත් වුනා.
මේ වතාවෙ දොර අඟුලු දාලා තිබුනෙ නෑ. හිමින් සැරේ දොරෙන් එබිලා බැලුව එයා දැක්කා ටේහ්‍යුන් තද නින්දක ඉන්න විදිහ. මද හසක් නගපු ජන්ග්කුක් දොර වහලා හිමින් හිමින් අඩිය තියලා ඇඳ ගාවට ගිහින් පරිස්සමින් ඇඳෙන් වාඩි වුනේ ටේහ්‍යුන් ඇහැරෙන්නෙ නැති වෙන්න. ටේහ්‍යුන් උඩට ශර්ට් එකක් නැතුව තමයි සාමාන්‍යයෙන් නිදා ගන්නෙ.
ඉතින් ජන්ග්කුක් තද නින්දක ඉන්න ටේහ්‍යුන්ගේ කඩවසම් මූනත් නිරුවත් පපුවත් අගය කරමින් බලන් හිටියා.
"වාව්!" ජන්ග්කුක් තනියම හිතුවා.
"ගොඩක් හැන්ඩස්ම් නේද?" ඒ JK.
"හ්ම්ම්.. මේ සේරම ඉතින් මගේ තමයි. මගෙ විතරමයි." ජන්ග්කුක් ආඩම්බරෙන් කිව්වා.
"මගේ නෙමේ අපේ කුක්!!"
"හරි ඉතින් අපි දෙන්නම එක්කෙනෙක්නෙ." කිව්ව ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ ඇබ්ස් අල්ලන්න ලොකු ආසාවක් ඇති වුනා. ඉතින් එයා ටේහ්‍යුන්ගේ ඇබ්ස් වලට අත තියන්න සූදානම් වුනා.
ඒත් එයාට තේරුනා ටේහ්‍යුන්ගේ සුවඳ ආයිත් උද්දීපන සුවඳට වෙනස් වෙන විදිහ. ටේහ්‍යුන්ගේ මූන දිහා බැලුව එයා දැක්කා කොච්චර නම් එයාට දාඩිය දාලද කියලා.
"මිනිස්සුන්ටත් රට් එක හැදෙනවද JK?"
"අනේ මන්දා, හැදෙනවා ඇති ඉතින්. නැත්තන් කොහොමද මිනිස් පැටව් හැදෙන්නෙ."
"හ්ම්ම් ඒකත් ඇත්ත. මං හිතන්නෙ අපේ මේට්ටත් රට් එක හැදිලා." ජන්ග්කුක් කිව්වේ රතු වෙමින්.
"ආආහ්~ ජ-ජන්ග්කුක්~ f-fuck!" ටේහ්‍යුන් අඩ නින්දෙන් කියවද්දි ජන්ග්කුක් රතු වුනා. ඊයෙ රෑ අමාරුවෙන් යන්තම් නැති කරගත්ත ජන්ග්කුක්ගේ හැඟීම් ආයිත් ඇවිස්සෙනවා කියලා එයාට තේරුනා.
තොල් දිවෙන් තෙත් කරගත්ත ජන්ග්කුක් හිමින් සැරේ ටේහ්‍යුන්ගේ යටි කය වැහෙන්න පොරවලා තිබුනු බ්ලැන්කට් එක ඉවත් කලා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫