"ආයිශ් කොහෙද ඒක!" ටේහ්‍යුන් කෑගැහුවේ කේන්තියෙන් මූන අතුල්ලමින්. විසිත්ත කාමරෙන් ඇහෙන සුපුරුදු කලබැගෑනිය ඇහෙද්දි එයා එයාවම පාලනය කරගනිමින් හුස්මක් හෙළුවා.
"කුක්!!"
"ජන්ග්කුක්!"
"කිම් ජන්ග්කුක්!!!"
ටේහ්‍යුන් කීපසැරයක් කතා කරත් ජන්ග්කුක් පේන්න ආවෙ නෑ.
"මීසු!! මමා කෝ?!" ටේහ්‍යුන් මේ වතාවෙ විසිත්ත කාමරේට ඇහෙන්න කෑගැහුවත් විසිත්ත කාමරේ තිබුනු කලබැගෑනිය එක්ක මීසුට ඒක ඇහුනද කියලා සැකයි. හුස්මක් හෙළපු ටේහ්‍යුන් විසිත්ත කාමරේට පිටත් වුනා.
"මීසු, නංගිලවයි මල්ලිලවයි අරගෙන සෝෆා එකෙන් වාඩි වෙන්න." ටේහ්‍යුන් වේගෙන් කුස්සියට යන ගමන් කිව්වම මීසු මූන හකුළ ගත්තේ අදත් එයාගෙ අප්පා වැඩට යන්න ලෑස්ති වෙලා ඉන්නවා දැකලා.
"අනේ මට බෑ අප්පා." අවුරුදු දහයක් වයසැති මීසු කිව්වම ටේහ්‍යුන් එයාට රැව්වා.
"ඔයා ළඟකදි ඉඳන් මං කියන දේ අහන්නෑ. කොල්ලෙක්වත් සෙට් උනාද?" ටේහ්‍යුන් ඇහුවම මීසු ඇස් දෙක ලොකු කරගත්තා.
"අප්පා!" මීසු කේන්තියෙන් කෑගැහුවම ටේහ්‍යුන් ඇස් දෙක රෝල් කරා.
"ටේගුක්! ජන්හ්‍යුන්! මේ දැන්ම ඔය දෙන්නා ශිෆ්ට් වෙන්න. මං කියලා තියෙනවා ගේ ඇතුලෙදි වුල්ෆ්ට ශිෆ්ට් වෙලා ඔහොම පොරකාගන්න එපා කියලා." ටේහ්‍යුන් කිව්වේ සෙල්ලම් බඩුවක් කටින් අල්ලගෙන දෙපැත්තෙන් අදිමින් ගොරවන නිවුන් වෘක පැටව් දෙන්නට.
එයා එහෙන්ම කුස්සියට යන්න හැදුවත් හිටි තැන නතර වුනේ එයාගෙ අවුරුදු පහක් වයසැති පුංචි හෙවෝන් බෑග් එකකුත් එල්ලගෙන කොහේ හරි යන්න හදනවා දැකලා.
"හෙවෝන්? කොහෙද ඔයා යන්නෙ?" ටේහ්‍යුන් ඇහුවේ නළල රැළි කරන්. හෙවෝන් එයාගෙ බනී හිනාවෙන් හිනාවුනා.
"පපා මං ඉක්කෝලෙ යනෝ." හෙවෝන් කිව්වම ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගත්තා.
"පැටියො අද නිවාඩු දවසක්. අද ඔයාට ඉස්කෝලෙ නෑ." ටේහ්‍යුන් කිව්වම හෙවෝන් මූන හකුළගෙන සෝෆා එකට ගෑටුවේ එහෙනම් එයාගෙ අප්පා මේ ලෑස්ති වෙලා ඉන්නෙ කොහේ යන්නද කියලා කල්පනා කරමින්.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫