කාලය ගෙවිලා ගියා. ටේහ්‍යුන්ගේ කැපුම් පාරවල් ජන්ග්කුක්ට හොඳ කරන්න පුලුවන් වුනා. එයාට එයාගෙ ඔම්මගෙ බලය උපතින්ම හිමි වෙලා තිබුනා. මුලින් ජන්ග්කුක් ඒ ගැන දැනන් හිටියෙ නෑ. යූරි තමයි ජන්ග්කුක්ට කිව්වේ එයාගෙ ඔම්මට ඒ බලය තිබුනු නිසා ජන්ග්කුක්ට උත්සාහ කරන්න කියලා. ඉතින් ජන්ග්කුක් හැමෝවම පුදුම කරවමින් ටේහ්‍යුන්ව හොඳ කලා.
ජන්ග්කුක් එයාගෙ මේට් ගැන යුන්ගිට කලින් නොකියා බොරු කිව්ව නිසා යුන්ගි මුල් දවස් ටිකේ ජන්ග්කුක් එක්ක බුම්ම ගෙන හිටියත්, ජන්ග්කුක් එයාගෙ හුරතල් කම උපරිමයෙන් පෙන්නලා යුන්ගිව යාළු කරගත්තා. යුන්ගිත් දැන් මිනිස්සුන්ට වෛර කරන්නෙ නෑ කියලත් යුන්ගිගෙ මේට් ජිමින් කියලත් දැනගත්තම ජන්ග්කුක් සතුටින් උඩ පැන්නා.
"ඉන්නවකො මං ඔය තාරාවව අල්ලගන්න. මට නිකමටවත් කිව්වෙ නෑ සෝල්මේට් වෙලත්." ඒ ටේහ්‍යුන්.
යූරි ජන්ග්කුක්ගේ ඔම්මා ගැන ජන්ග්කුක්ට කිව්වම ජන්ග්කුක් පැයගානක් ඇඬුවා. එදා ඉඳන් හැමදාම මීරා ගැන කතන්දර ජන්ග්කුක්ට කියන්න යූරිට සිද්ද වුනේ ජන්ග්කුක් එයාගෙ හැමදාම ඒ දේ ඉල්ලුව නිසා. ජන්ග්කුක් කැමතිම දේ තමයි මීරත් එයා වගේමයි කියන කතාවට. එයා දවසට දහපාරක් විතර ඒක යූරිගෙ කටින් පිටකරවගත්තා.
"යූරි ඔම්මා, ඇත්තටම මම ඔම්මා වගේද?" ජන්ග්කුක් ඒ දවසේ ඔය ඇහුවේ දෙවනි වතාවට.
"ඔව් බනී, එයා ඔයා වගේම ලස්සනයි, හුරතල්." යූරිත් ඒක පළවෙනි වතාවට කියනවා වගේ කිව්වේ ඒක කියද්දි ජන්ග්කුක්ගේ මූනෙ ඇදෙන අහිංසක හිනාව නිසා.
එතකොට අනිත් කෙනා ටේහ්‍යුන්. ජන්ග්කුක් ඕක අහන හැමවෙලේම ටේහ්‍යුන් ළඟට ඇවිත් අහන්නෙ මේක.
"ඔම්මා, එතකොට ඒ හා පැටියා ඇඬුවම නළවන්නෙ කව්ද?" ටේහ්‍යුන් ආඩම්බර පෙනුමක් මූනෙ රඳවගෙන ඇහුවම යූරි ඇස් දෙක රෝල් කරා.
"වෙන කව්ද ඉතින් මගෙ ටේටේ හියුන්ගි මිසක්!!" කිව්ව ජන්ග්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ව පැනලා බදාගත්තම ටේහ්‍යුන් ජන්ග්කුක්වත් උස්සගෙන හිනා වීගෙනම එළියට ගියා. මේක බලන් හිටපු යුන්ගි..
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫