Werewolf ප්‍රොජෙක්ට් එකේ කොපියත් අතින් අරන් ටේහ්‍යුන් මේ යන්නේ කැලේ මැද එළිමහන් උද්‍යානයට. ජන්ග්කුක් එක්ක ආයිත් ඉන්න කලින්, එයාට ජන්ග්කුක් ගැන සේරම දේවල් හොඳටම දැනගන්න ඕන වුනා.
උද්‍යානයට ගිය ටේහ්‍යුන් සැප පහසු තැනක බිම ඉඳගෙන ඒක කියවන්න පටන් ගත්තා.
ටේහ්‍යුන් හොයාගත්තා එයාගෙ හා පැටියා true blood omega වර්ගයේ කෙනෙක් කියලා. ඒ වගේම අනිත් තොරතුරු ගැනත්.
"හීට්? වොහ් එතකොට ඒක කුක්ටත් එනවද?" කිව්ව ටේහ්‍යුන්ගේ මූනෙ ඇදුනේ අමුතු හිනාවක්. එයා තව කියෙව්වා.
"ම්-මොකක්? ගැහැණු ලිංගයක්? වාව්! එහෙනම් එදා අර මගෙ අතේ තිබ්බේ.." ටේහ්‍යුන් මුලින් පුදුම උනත් ඊළඟට එයාගෙ මූනෙ ඇදුනේ වල් හිනාවක්.
ඒ වගේම මේල් ඔමේගලට ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් කියලා දැක්කම එයා තවත් පුදුම වුනා.
"මේල් ඔමේගලා මරුනෙ. මට නිකන් ජැක් පොට් එකක් හම්බුනා වගේ." ටේහ්‍යුන් කිව්වේ තනියම හිනා වෙමින්. ඊටපස්සෙ ටේහ්‍යුන් කල්පනා ලෝකෙක ගිලුනා.
එයාගෙ හිතේ මැවුනේ මේ වගේ දෙයක්. මේ එළිමහනෙම එයා හිටියේ බිම වාඩි වෙලා. සුදු පාට ලොකු වෘකයා එයාගෙ එහා පැත්තෙන් බිම වාඩි වෙලා එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියන් හිටියා. එයාලගෙ වටේ චූටි බබාලා සෙල්ලම් කර කර හිටියා. ඒ දෙන්නගෙ බබාලා. ඒ වගේම තව චූටි සුදු පාට වෘක පැටව්නුත්-
"මොකක්?! ඇත්තටම අපිට හම්බවෙන්නෙ මිනිස්සුන්ද වෘක පැටව්න්ද?" ටේහ්‍යුන් කල්පනා කලා.
"කමක් නෑ ඒකත් මරු වෙනස. මට ඕනෙ මගෙ හා පැටියා වගේ කියුට් පැටව් ගොඩාආආආක්." ටේහ්‍යුන් තමන්ටම මුමුනගෙන හිනා වුනේ තමන්ගෙම සිතුවිලි නිසා.
ජන්ග්කුක් එක්කයි එයාගෙ පැටව් එක්කයි හීන මාළිගා හද හද හිටපු ටේහ්‍යුන්ට තේරුනේ නෑ කළුවෙන් ඇඳගත්ත කට්ටියක් එයා ගාවට එනවා කියලා.
එයා හිතන්නත් කලින් එයාගෙ වටේටම පිරිසක් වට වුනා. නළල රැලි කරගත්ත ටේහ්‍යුන් උඩ බැලුවා. ඊටපස්සෙ එයා හිමින් නැගිටලා වටේම බැලුවේ ව්‍යාකූලව.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫