මාස හයකට පසු
ටේහ්‍යුන්ගේ හැඩි දැඩි නිරුවත් පපුවට ඔලුව තියාගෙන ජන්ග්කුක් හිටියේ ඇස් දෙක පියාගෙන. එයා හරි බරි ගැහිලා ආයිත් හුස්මක් හෙළුවේ ටේහ්‍යුන්ගේ උනුහුම නිසා දැනුනු සනීපෙට. ටේහ්‍යුන් මදහසක් නැගුවා.
එයා හිමින් වගේම ආදරෙන් ඔමේගගෙ ඇඟ වටේ එතිලා තිබුනු එයාගෙ අතින් ජන්ග්කුක්ගේ උරිස්ස පිරිමැද්දා.
උදෑසන ආලෝකෙයෙන් දෙන්නගෙම ශරීර දිලිසුනා. ඒ දෙන්නම හිටියේ බ්ලැන්කට් එක යට සම්පූර්ණ නිරුවතින්.
එයාගෙ පපුව මත තියෙන ජන්ග්කුක්ගේ නිදිබර මුහුණ දිහා බලන් හිටපු ටේහ්‍යුන් එයාගෙ මහපට ඇඟිල්ලෙන් හිමින් ඒ සිනිඳු කම්මුල් පිරිමැද්දා. ඔමේගගෙ මුහුනෙ සිහින් හිනාවක් ඇදුනා. එයා තවත් ටේහ්‍යුන්ගේ පපුව මත මූන අතුල්ලලා හරි බරි ගැහුනා.
එයා හිමින් එයාගෙ සිනිඳු අත් වලින් ටේහ්‍යුන්ගේ පපුව පිරිමදිද්දී ටේහ්‍යුන් එයාගෙ අත අල්ලගත්තා. පරිස්සමින් එයාගෙ අත ගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇඟිලි එක්ක සෙල්ලම් කරමින් ඒ ඇඟිලි සිප ගත්තා.
"මට යූරි ඔම්මව මතක් වෙනවා. අපි අද එහෙ යමුද?" ජන්ග්කුක් හිමින් අහද්දි ටේහ්‍යුන්ට හිනා ගියා.
"මොකක්? අපි ඊයෙනෙ එහෙන් ආවෙ love. ඔයාට දැනටම ඔම්මා නැතුව පාළුද හ්ම්ම්?" ටේහ්‍යුන් අහද්දි ජන්ග්කුක් මූන හකුළ ගත්තා.
ඊයෙ තමයි ඒ දෙන්නගෙ ජීවිතේ තවත් වැදගත්ම දවසක් වුනේ. ඒ දෙන්නගෙ විවාහ උත්සවය. කලින් ගිවිසගෙන හිටියත් එයාලා තීරණය කරලා තිබුනා ටේහ්‍යුන් යුනි ගිහින් ඉවර වුනු හැටියෙම විවාහ වෙන්න. ඉතින් ටේහ්‍යුන් අන්තිමේදි එයාගෙ උපාධිය ගත්තා වගේම ඊට මාසෙකට පස්සෙ එයාලා විවාහ වුනා. ඒ දවස ඊයෙ.
එයාලා ඊයෙම එයාලගෙ අලුත් නිවහනට පදිංචියට ආවේ මදුසමයත් මෙහෙදිම ගත කරන්න හිතාගෙන. දැන් මේ ගෙදර තමයි එයාලගෙ පුංචි පවුලෙ පුංචි ලෝකෙ වුනේ. මේක එයාලට අලුත් වුනාට මේක තමයි ටේහ්‍යුන්ලගෙ පරණ බූසාන් ගෙදර.
"දැන් මීසුට ඉක්මනටම මල්ලියෙක් ලැබෙයි නේද?" ටේහ්‍යුන් එයාගෙ බොක්සි හිනාවෙන් හිනා වෙලා ඇහුවම ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරගත්තා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫